සල්පිටි රයිගම් කෝරල කුසලානය 15 වැනි වතාවටත් සමව බෙදේ

456

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 18 වැනි වරට පැවති සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (23) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී 15 වැනි වතාවටත් ජය පරාජයකින් තොරව නිමාව දුටුවේය.

සල්පිටි රයිගම් කෝරල සටන ටිරෝන් පිටියේ දී

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 18 වන වරටත් පැවැත්වෙන “සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 22 සහ 23 දෙදින පුරා…

කාසියේ වාසිය දිනූ පිළියන්දල මැදි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොරණ තක්ෂිලා විදුහල්  ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 141ක් රැස් කළේය. එම ඉනිමේ දී කණ්ඩායමේ වඩාත් විශ්වාස තබා සිටි පිතිකරුවා වූ සසිඳු ජනිත් එකී විශ්වාසය යම්තාක් මට්ටමකට තහවුරු කරමින් සිය විද්‍යාලයට ලකුණු 40ක් එකතු කරන ලදි. සසිඳුගේ එම ඉනිම පන්දු 88කින් සමන්විත වූ අතර එම ඉනිමට අලංකාර හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන උෂාන් දීමන්ත ලකුණු 08කට කඩුලු 5ක් දවා ගත්තේ තක්ෂිලා විද්‍යාල පිතිකරුවන් දැඩි අසීරුතාවයකට ඇඳ දමමිනි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පිළියන්දල මැදි විදුහල වෙනුවෙන්, ක්‍රියාත්මක වූ චමෝද් පසුගිය වසරේ පැවති පාසල් මහා ක්‍රිකට් තරගයේ දී ලබාගත් නොදැවුණු ශතකයට නොදෙවෙනි ශතකයක් ලබා ගනිමින් ලකුණු 122*ක් ලබා ගත් අතර එම ශතකයට 4 පහර 8ක් හා 6 පහර 5ක් ඇතුළත් විය. එසේම කණ්ඩායමේ උපනායකයා වන ඔහු මෙවර දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000 සීමාව පසුකළ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙක් ද වේ.

රනේෂ් සහ සඳරු සහෝදර සංග්‍රාමය නැවත ලියයි

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී අද (23) නිමා වූ 56 වැනි සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුලු 10ක…

චමෝද් සඳරු පිළියන්දල මැදි විදුහල් මැදපෙළ සවිමත් කරමින් එක් අන්තයක කඩුල්ල රැකගෙන ක්‍රීඩා කරන විට අනෙක් අන්තයෙන් සහාය වූ අශාන් රොද්‍රිගෝ හා රුචිර අධිකාරි පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 21ක් රැස්කර ගත්තේය. තක්ෂිලා විදුහල් නායක තිලින තාරින්ද පන්දු යැවීමේ දී කඩුලු 3ක් දවා ගන්නා ලදි. අවසානයේ පිළියන්දල මධ්‍ය විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 235ක් පමණි.

ලකුණු 96ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිටියට පැමිණි තක්ෂිලා විදුහල් ක්‍රීඩකයෝ ඉනිමක පරාජයක් අභියසට කැඳවා ගෙන යන ලකුණු පෙන්නුම් වන්නට වූයේ තක්ෂිලා විදුහල් ක්‍රීඩකයින්ගේ දෙවන ඉනිමේ පළමු කඩුලු 5 ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දැවී යාම නිසාවෙනි. එතැන් සිට පිළියන්දල මැදි විදුහල හමුවේ ද සොයිසා තණතීරුව මත ස්ථාවරව සිය පිතිකරණය දියත් කරමින් කඩුලු රැකගත් නායක තිලින තාරින්ද (27*) හා උමේෂ් ප්‍රසාද් (21*)  තක්ෂිලා විද්‍යාල කණ්ඩායමට වැඩි අවාසියක් තිබූ තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීම දක්වා රැගෙන යන ලදි.

Photos: Taxila Central College v Piliyandala Central College | 18th Battle of Salpiti Rayigam Korala

කඩුලු ලබා ගැනීමේ දී සඳුන් සත්සර ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තේ පළමු ඉනිමේ දී දවා ගත් කඩුලු 2කට අමතරවයි.

2001 වර්ෂයේ සිට පැවත එන සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් සටනේ ඉතිහාසය පිරික්සා බලන විට 2005, 2009 හා 2010 යන වර්ෂවල දෙදින ක්‍රිකට් තරගය ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්ව ඇත. අනෙකුත් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. එසේම මේ පාසල් දෙක අතර සීමිත පන්දුවාර තරග හතරක් මේ වන විට පවත්වා ඇති අතර එයින් තරග 3ක් ජයග්‍රහණය කර ඇත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විසිනි. අනෙක් තරගය (2018) ජය පරාජයෙන් තොරව අවසන් විය.

විද්‍යාල දෙක අතර සිව්වැනි වතාවටත් පැවැත්වෙන සීමිත පන්දුවාර තරගය පෙබරවාරි 24 වැනිදා (අද) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.   

තක්ෂිලා මධ්‍ය විද්‍යාල පළමු ඉනිම – 141 (65.1): සසිඳු ජනිත් 40, උෂාන් දීමන්ත 5/08, සඳුන් සත්සර 2/08.

පිළියන්දල මධ්‍ය විද්‍යාල පළමු ඉනිම – 235 (72): චමෝද් සඳරු 122*, අශාන් රොද්‍රිගෝ 28, රුචිර අධිකාරි 21, තිලින තාරින්ද 3/77, රසිඳු ජනිත් 2/23.

තක්ෂිලා මධ්‍ය විද්‍යාල දෙවන ඉනිම – 92/6 (52): තිලින තාරින්ද 27*, උමේෂ් ප්‍රසාද්  22*, සඳුන් සත්සර 2/16.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<