ජාතික ක්‍රීඩා තේරීම් කමිටු පත් නොකළ ජාතික ක්‍රීඩා සංගම් 18කට විදේශ තරඟ ක්‍රීඩා ප්‍රතික්ෂේපයි

133

ජාතික ක්‍රීඩා පනතේ විධිවිධානවලට අනුව සෑම ජාතික ක්‍රීඩා සංගමයක් විසින්ම විදේශ තරඟ සඳහා ක්‍රීඩකයන් සහභාගී කිරීමේදී ජාතික තේරීම් කමිටු මඟින් නිර්දේශ කර ක්‍රීඩකයන් තෝරා එවිය යුතුය.

නමුත් ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් විසින් මෙම ක්‍රියාපිළිවෙත අනුගමනය නොකර විදේශ තරඟවල් සඳහා ක්‍රීඩකයන් යැවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බැවින් එම ජාතික ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන ලෙස දන්වා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලිඛිතව උපදෙස් දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබාදෙන උපදෙස් හා නියෝග නොතකා ජාතික ක්‍රීඩා සංගම් 18ක් මාර්තු මාසය අවසානයේදී පිහිටවිය යුතු ජාතික තේරීම් කමිටු වර්ෂය අවසාන වනතෙක් ස්ථාපිත නොකර විදේශ ක්‍රීඩා තරඟාවලි සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම දිගින් දිගටම සිදුකරන බැවින් ක්‍රීඩා පනතේ රෙගුලාසි උල්ලංඝනය කරන ජාතික ක්‍රීඩා සංගම් 18කට අදාළ තේරීම් කමිටු පත්කරන තුරු එම සංගම් විසින් විදේශ තරඟ සඳහා සභභාගී වීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීන්දු කර ඇති බැවින් පහත සඳහන් ජාතික සංගම්වලට එම නියෝගය ක්‍රියාත්මක වන බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි,  

1.      ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය

2.      ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය

3.      ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනය

4.      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය

5.      ශ්‍රී ලංකා මේසපන්දු සංගමය 

6.      ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය

7.      ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය

8.      ශ්‍රී ලංකා අත්පන්දු සංගමය

9.      ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය

10.   ශ්‍රී ලංකා මෝටර් සයිකල් සම්මේලනය

11.   ශ්‍රී ලංකා ජාතික කඩු හරඹ සංගමය

12.   ශ්‍රී ලංකා ටෙනිස් සංගමය

13.   ශ්‍රී ලංකා රයිෆල් සංගමය

14.   ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය 

15.   ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය

16.   ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය

17.   ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය

18.   ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය