වූෂු ක්‍රීඩකයින්ගෙන් පදක්කම් වැස්සක්

334

08 වැන ලෝක කුංග්ෆු (වූෂු) ශූරතා තරගාවලිය නිමාව දුටුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් 14ක් ජයග්‍රහණය කරමින් හා දකුණු ආසියානු රටකින් රන් පදක්කමක් දිනා ගත් පළමු කනිෂ්ඨ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද බිහි කරමිනි.

සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අලුත් අත්දැකීමකට ආරාධනයක්

ලෝක ඔලිම්පික් දිනය (ජුනි 23) වෙනුවෙන් මුළු ලෝකයම …….

චීනයේ, සිචුවාන් ප්‍රාන්තයේ ඉමේයිශාන් නුවර දී ඊයේ (19) නිමාවට පත්වූ මෙම ශූරතා තරගාවලියේ දී රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට ලක් ක්‍රීඩකයන්ට හැකි විය.

ඒ අතරින් කනිෂ්ඨ වූෂු සංචිතයේ ක්‍රීඩකයෙකු වන පැතුම් පූර්ණ විසින් වැන්කියුලන්බර්ග්  ‘සී’ කාණ්ඩයේ සහභාගී වූ ඉසව් දෙකෙන්ම (කැන්චුවාන් සහ නැන්ගුන්) රන් පදක්කම් දිනා ගන්නට සමත් වූ අතර දකුණු ආසියානු රටකින් රන් පදක්කම් දිනූ එකම ක්‍රීඩකයා ද වූයේ ද ඔහුයි.

ඔබ මැරතන්වලට දක්ෂයෙක් ද? මෙන්න අවස්ථාවක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන …….

මෙම පදක්කම් අතරින් රිදී පදක්කම් දිනා ගැනීමට මංජුල මනීක හා විරාජ් දෙනුක චතුරංග සමත්වූ අතර මංජුල ‘සී’ කාණ්ඩයේ ඉසව් වූ නැන්චුවාන් සහ නැන්ගුන් ඉසව්වලින් රිදී පදක්කම් සහ චතුරංග විසින් ‘ඩී’ කාණ්ඩයේ  නැන්චුවාන් සහ නැන්ගුන් ඉසව්වලින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

තවද ‘සී’ කාණ්ඩයේ නැන්චුවාන් ඉසව්වෙන් ඩිහෙන් වින්දිව් රිදී පදක්කමක් සහ ‘ඩී’ කාණ්ඩයේ  නැන්ගුන් ඉසව්වෙන් ජීවන් මදුරංග රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූයේ දිනුක කෞෂන, කේ. ඩබ්. සංඛ මදුර, ඩබ්. කේ. සරත්චන්ද්‍ර, චමුදු කෞශල්‍ය, කෞශල්‍යා කාවින්දි, ඩිහෙන් වින්දිව්, චෙනුර දිසානායක, රවිඳු චානුක සහ ජීවන් මධුරංග යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.  

ඔලිම්පික් දිනයට අලුත් වැඩක්

ඔලිම්පික් දින සැමරුම ලෝකය පුරා රටවල් ……..

මෙම තරගාවලියට රටවල් 48ක් සහභාගි වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. තරගාවලියට සහභාගි වූ දකුණු ආසියානු රටවල් අතරින් ඉහළම ජයග්‍රහණ ලද සහ රන් පදක්කම් දිනූ එකම රට වූයේ ද ශ්‍රී ලංකාවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<