දේශීය, විදේශීය තරගකරුවන්ගෙන් බෝයගනේ උණුසුම් වෙයි

274

ශ්‍රී ලංකාවේ ධාවන පැදි තරග අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවන “විජයබාහු මොටෝක්‍රොස්” තරගාවලිය මෙවර 17 වැනි වරට යුද හමුදාව විසින් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අගෝස්තු මස 25 වැනි දින පැවැත්වීමට සංවිධානය කර ඇත. ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (09) දින “ටාජ් සමුද්‍රා” හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.

Track එකේ ජාතිකාභිෂේකයට ගැටලු මැද වුනත් සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩාවේ “ජාතිකාභිෂේකය” ලෙස සැලකෙන “ජාතික මලල ක්‍රීඩා ශූරතාව” මෙවර 97 වැනි..

ශ්‍රී ලංකා යුද හමුදාවේ ධාවන පැදි කරුවන්ගේ, දිවයිනේ ධාවන පැදි කරුවන්ගේ සහ ලෝකයේ  ධාවන පැදි කරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් 2000 වර්ෂයේ දී “විජයබාහු මොටෝක්‍රොස්” තරගාවලිය ආරම්භ වී ඇත. මෙම තරගාවලිය තුලින් උපයන මුදල් කුරිරු යුද්ධයේ දී ත්‍රස්තවාදීන් හමුවේ නොබියව සටන් වැදී ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් යෙදවීම සිදු කරනු ලබයි. 

මීට පෙර පැවති තරග ඉසව්වන්ද ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර එම තරග ජයග්‍රහණය කරනු ලැබූ තරගකරුවන් ශ්‍රී ලංකාවේ ධාවන පැදි තරගකරුවන් අතර නම් දැරූ ක්‍රීඩකයන්ය. 

පසුගිය තරගාවලිවල දක්ෂතම ක්‍රීඩකයන් 

  • 2015 – ටොමෝයා සුසුකි 
  • 2016 – ඉශාන් දසනායක 
  • 2017 – සමීර ප්‍රේමරත්න
  • 2018 – ඉශාන් දසනායක

මෙවර තරගාවලිය සඳහා තරගකරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතයි. ධාවන පථයන් අලංකාර මෙන්ම දුෂ්කර ධාවන පථයන්ගෙන් ද සැදුම්ලත්ව ඇති අතර නරඹන්නන්ට ඕනෑම ස්ථානයක සිට මෙම තරග ඉසව්වන්  නැරඹීමේ අවස්ථාව උදාවන්නේ එම ක්‍රීඩාංගණය “කෝප්පයක” ආකාරකට සැදුම්ලත් නිසාය.  

මෙම තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් විජයබාහු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ගුණවර්ධන මහතා මෙසේ අදහස් දක්වන ලදි. 

“මේ තරගාවලියට විදේශ රටවලින් ක්‍රීඩකයන් තුන් දෙනෙක් සහභාගී වීමට නියමිතයි. ඉන් තරගකරුවන් දෙදෙනෙක් සහභාගී වෙන්නේ තායිලන්තයෙන්, එම ක්‍රීඩකයන් දෙදෙනා වයස අවුරුදු 19ක සහ 20ක ක්‍රීඩකයන් දෙදෙනෙක්. අනිත් ක්‍රීඩකයා සහභාගී වෙන්නේ ජපානයෙන්. ඔහු 1984 ඉඳන් ධාවන පැදි තරගවලට සහභාගී වෙනවා.”

මෙම තරගාවලිය සඳහා කාන්තා ක්‍රීඩිකාවන් සහභාගී වන්නේ ද යන්න මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා පවසා සිටියේ මෙම තරගය සඳහා ඇමරිකාවෙන් සහ මලයාසියාවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහභාගී වීමට නියමිත බවත් තවම එම ක්‍රීඩිකාවන්ගේ පැමිණීම ස්ථිරවම පවසා නොමැති බවත්ය. 

මෙම තරගාවලියේ දී ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග පිරිනමන අතර එක් ඉසව්වක ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද දෙවන ස්ථානයට රුපියල් 30,000ක් ද තෙවන ස්ථානයට රුපියල් 20,000ක් ද පිරිනැමීමට නියමිතව ඇත.  

මෙම තරගාවලියේ ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ඇති ආරක්ෂාව ගැන මේජර් ජෙනරාල් ගුණවර්ධන මහතා අදහස් දක්වා සිටියේ,

“ඇත්තටම මේ තරගයට තිබෙන ආරක්ෂාව ඉතාමත් ඉහලයි, ඒ වගේම මෙම තරගාවලියේ දී ප්‍රේක්ෂකයන්ට සිදු වෙන්න පුළුවන් හානිය ඉතාමත් අවමයි, මොකද මේ පිටිය “කෝප්පයක” ආකාරයට තමයි තියන්නෙ, ඒ නිසා බය වෙන්න දෙයක් නෑ”

මෙවර වෙළඳසේවා මලල ක්‍රීඩාවට අලුත් ඉසව්වක්; තරග රාත්‍රියටත්

36 වැනි වරටත් පවත්වනු ලබන 2019 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට 11…

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් මේජර් ජෙනරාල් ගුණවර්ධන මහතා, ඩී. කේ. අළුදෙණිය මහතා, බ්‍රිගේඩිය එස්‌. කේ. හේරත් මහතා, බ්‍රිගේඩිය ඩබ්. එස්. ආරියසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

අගෝස්තු මස 25 වැනි දින මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එහි තරග විස්තර, ඡායාරූප, තරග ප්‍රතිඵල ThePapare.com වෙතින් ඔබ වෙත. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<