වියට්‌නාම් යන කනිෂ්ඨ මලල ක්‍රීඩා පිලේ නායකත්වය රොෂාන්ට

427
Atheletic

හෙට (2දා) සිට 6 දා දක්‌වා වියට්‌නාමයේ පැවැත්වෙන 17 වැනි ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (1 දා) අළුයම දිවයිනෙන් පිටත්විය.

ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකුගෙන් යුත් අදාළ සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක්‌ හා ක්‍රීඩිකාවන් 7 දෙනෙක්‌ ඇතුළත්ය.

පොදුරාජ්‍ය මණ්‌ඩලීය යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්‌කමක්‌ දිනා දුන් රොෂාන් ධම්මිකට මෙවර ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායම මෙහෙයෙවීමේ වගකීම පැවරී ඇති අතර ඔහු කටාර්හි පුහුණු සැසියකට සහභාගී වීමෙන් අනතුරුව ඉකුත්දා දිවයිනට පැමිණ තිබේ.

අදාළ තරගාවලිsය සඳහා බාලක සහය දිවීමේ කණ්‌ඩායම් ඇතුලත් වුවද බාලිකා සහය දිවීමේ කණ්‌ඩායම් ඇතුළත් නොවී තිබීම විශේෂත්වයක්‌ බවට පත්විය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

බාලක – ඒ.වී.ජී.ඒ. රවිශංක (මිටර් 110 කඩුලු), උදිත චන්ද්‍රසේන (මීටර් 400 කඩුලු), එල්.පී.ජී. ධනංජය (දුර පැනීම, තුන්පිම්ම), චමල් කුමාරසිරි (තුන්පිම්ම), ධම්මික රොෂාන් රණතුංග (උස පැනීම), මිතුන් මිහිරංග (මීටර් 800), චාමික වීරවර්ධන (මීටර් 400, 4ඞ400), කේ.එල්. සමරසිංහ (මීටර් 4ඞ400), අරුණ දර්ශන (මීටර් 4ඞ400), ඩී.එස්‌. ලක්‌ෂාන් (මීටර් 4ඞ400), තරූෂ ධනංජය (මීටර් 4ඞ400), අරෝෂ් කාරියවසම් (මීටර් 100, 4ඞ100), ශෙනාල් රත්වත්තේ (4ඞ100), සහන් රාජපක්‌ෂ (4ඞ100), ජීත් සිල්වා (4ඞ100), ඉශාන් කාවින්ද (4ඞ100), සුපුන ප්‍රියංජන (මීටර් 10,000)

බාලිකා – එම්.ඕ. උදයන්ගි (මීටර් 400), ඩබ්.ජී.එච්.එස්‌.කේ. ධර්මරත්න (රිටි පැනීම), හෂිනි ප්‍රබෝධා බාලසූරිය (තුන්පිම්ම), බී,එම්.අයි.එන්.කේ. බස්‌නායක (මීටර් 3000 බාධක), ශර්මිලා ජෑන් (මීටර් 100), චාමි දේවරාණි පල්ලෙවත්ත (මීටර් 100), කේ.ජී.ඩී.එම්.එස්‌. කුමාරසිංහ (මීටර් 800)

 තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න