හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, 2001 වසරේ දී ආරම්භ වූ “සල්පිටි රයිගම් කෝරළ හටන” ජයග්‍රාහීව අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන්, පෙබරවාරි 24 සහ 25 දෙ ‍දින තුළ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී සටනට පිවිසෙන්නේ පිළියන්දල මධ්‍ය විද්‍යාලය පරාජය කරමින් 16 වන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයග්‍රාහීව අවසන් කිරීමේ බලාපොරොත්තුව සහිතවයි.

ඉසිපතනය පරාජය කරන්නට තර්ස්ටන් සූදානමින්

වේගපන්දු යවන ලහිරු ගමගේ යනු තර්ස්ටන් විද්‍යාලය විසින් මෑතක දී සීමිත පන්දුවාර තරග සඳහා බිහි කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකි.

ඉතිහාසයෙන් බිදක්

දිගු ඉතිහාසයකට හිමිකම් නොකියන මෙම මහා ක්‍රිකට් සටන, එවකට තාක්ෂිලාවේ විදුහල්පති ධුරය දැරූ W.A.K. අඹේපාල මහතාගේ සංකල්පයකට අනුව වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ලෙසින් ආරම්භ විය.

ඡායාරූප 99 Events Facebook පිටුවෙනි
ඡායාරූප 99 Events Facebook පිටුවෙනි

එම අවධියේ දී හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම භාරව කටයුතු කර ඇත්තේ සුජීව පෙරේරා මහතා විසිනි. එතුමන්ගේ භාරකාරත්වය හා පුහුණුකාරීත්වය යටතේ 2001 සිට 2011 දක්වා මෙම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම තරග සඳහා සහභාගී විය.

2001 සිට මේ දක්වා තරග 15ක් පවත්වා ඇති අතර 2004/05, 2008/09 සහ 2009/10 තරග වර්ෂයන් වල දී සම්පූර්ණ තරග 3ක් ජයග්‍රහණය කරමින් සල්පිටි රයිගම් කෝරළ හටනේ ශූරයින් බවට පත්වීමට පිළියන්දල මධ්‍ය විද්‍යාල කණ්ඩායම සමත් වී තිබේ. ඉන් ඉතිරි තරග 12 අවසන් වී ඇත්තේ ජය පැරදුමෙන් තොරවයි.

විස්සයි විස්ස ආරට පවත්වන එක්දින තරගය ද ගිය වසරේ සිට මෙම මහා සටනට එකතු කර ඇති අතර පැවති ප්‍රථම තරගයෙන් ජයග්‍රහණය කිරීමට පිළියන්දල විද්‍යාලය සමත් විය.

වර්තමාන කණ්ඩායම

කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන තුන්වන වසරේ වර්ණලාභී අශාන් සම්පත් ශ්‍යාමල්, අද වන විට ඉහළ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකි. ඔහු මෙම තරග වාරයේ තරග 16කදී ලකුණු 758ක් ලබා සිටින්නේ ඉනිමක දී ලකුණු 28.07ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟයි. ඊට අමතරව අර්ධ ශතක 7ක් හා කඩුලු 22ක් ලබා ගනිමින් තම දක්ෂතා තව තවත් වැඩිකර ගනිමින් ඔහු කණ්ඩායමට ශක්තියක් වී ඇත.

ඡායාරූප 99 Events Facebook පිටුවෙනි
ඡායාරූප 99 Events Facebook පිටුවෙනි

මෙවර කණ්ඩායමට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කර ඇති අතර අනෙකුත් සියලුම ක්‍රීඩකයින් නවකයින් ලෙස මෙම තරගයට පිවිසේ.

තුන්වන වසරේ තවත් වර්ණලාභියෙකු වූ දකුණතින් පිත්ත හසුරුවන නවිදු මියුෂාන් මෙම තරග වාරයේ තරග 14කදී ලකුණු 534ක් ලබා ගෙන ඇති අතර එම ලකුණු සංඛ්‍යාවට අර්ධ ශතකයක් සහ ශතකයක් ඇතුළත් වේ. ඊට අමතරව ඔහු පන්දු යැවීමෙන් ද තම දක්ෂතා පෙන්නුම් කරමින් කඩුලු 33ක් තම කණ්ඩායමට ලබා දීමට සමත් වී ඇති ක්‍රීඩකයෙකි.

තුන්වන වසරේ වර්ණලාභී සඳුන් රංග හොරණ තක්ෂිලාවේ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරන දකුණතින් පන්දු යවන්න ක්‍රීඩකයෙකු වන අතර පැයට කිලෝමීටර් 110ක පමණ වේගයකින් පන්දුව මුදා හැරීමේ ශක්තියක් ඔහු සතුවේ.

වමතින් පා දඟපන්දු යවන තිලිණ තාරින්ද තම කණ්ඩායමට ශක්තියක් එක් කිරීමට හැකි තවත් ක්‍රීඩකයෙක් වන අතර දෙවන වසරේ වර්ණලාභීයෙකු වන දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක සෙනෙත් වින්විනු ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි පන්දු යවන්නෙකි.

පුහුණු කාර්ය මණ්ඩලය
ඡායාරූප 99 Events Facebook පිටුවෙනි
ඡායාරූප 99 Events Facebook පිටුවෙනි

කමල් සුජීව මහතා හොරණ තක්ෂිලා විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා වන අතරම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ද වේ. ඔහු මෙම කාර්යයේ වැඩ භාර ගත්තේ 2012 වසරේ දීයි. එම නිසා කලක් තිස්සේ මෙම ක්‍රීඩකයින් සමඟ සිටීම තුළින් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ මනා අවබෝධයක් ඔහු තුළ තිබේ. ගාවින්ද බස්නායක සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කෙසේ වෙතත් 2001 සිට පැවැති තරග අතරින් තරග 3ක් ප්‍රතිවාදීන් වන පිළියන්ද මධ්‍ය විද්‍යාලය ජය ගත් අතර තරග 12ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය. මෙවර තරගාවලියට හොරණ තක්ෂිලා විද්‍යාල කණ්ඩායම පිවිසෙන්නේ ශූරතාවය බලාපොරොත්තුවෙනි. ඉතිහාසයේ පැල්ලම් මකා දැමීමට නම් ඔවුන්ට පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට සිදු වන අතර ප්‍රවේගකාරීව ක්‍රිඩා කිරීමට ද සිදුවේ.

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය සංචිතය

අශාන් සම්පත් ශ්‍යාමල් (නායක), අශාන් ලක්මාල් ( උපනායක), නවිදු මියුෂාන්, සඳුන් රංග, චමිදු ගිම්හාන, කසුන් උදයංග, නවෝද් යසිත්, චමිදු රන්විනු, සෙනෙත් වින්විනු, තිලිණ තාරින්ද, සංඛ ප්‍රභාත්, තිසර සචින්ත, ගිෂාන් ගිම්හාන, අශේන් චාමික, විදුෂාන් යසින්ත, ගිම්හාන් මදුභාෂ්, සසංඛ අධීෂ, එරංග ජයකොඩි

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට