මෙවර ජාතික කඹ ඇදීමේ ශූරතාවට පාසල් ක්‍රීඩකයින්ටත් වරම්

73

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන “15 වැනි ජාතික කඹ ඇදීමේ තරගාවලිය” මෙම මස 07 වැනිදා ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. දිනයේ ප්‍රථම තරගය පෙරවරු 8.30 ආරම්භ වන අතර තරගකරුවන්ගේ බර මැනීමේ කටයුතු පෙරවරු 6.15 සිට සිදු කෙරේ.

SAG මේසපන්දු සංචිතයේ නායකත්වය ඉෂාරාට සහ නිර්මලට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම අද…

ශ්‍රී ලාංකීය ජන සමාජයේ මූලික අංගයක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය හැදින්විය හැක. සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය තුල නොවරදින අංගයක් වන කඹ ඇදීම අප ජන සමාජයේ කිසිම කෙනෙකුට අමතක නොවන අත්දැකීමකි. මන්ද එය එතරම්ම අප හදවත්වලට කාවැදී ඇති නිසාවෙනි.

හරියාකාර නීතිරීති පද්ධතියක් එක් කොට කඹ ඇදීම හරි මගකට ගෙන ඒමට M. T. ප්‍රනාන්දු මහතා මූලිකත්වය ගෙන කටයුතු කළේය, එහි ප්‍රතිඵලයක් ලෙස 2004 වසරේ දී ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය පිහිට වනු ලැබීය. අද වන විට කඹ ඇදීම ක්‍රමක්‍රමයෙන් රට පුරා වයාප්තව ඇත.

ඒ සදහා කඹ ඇදීමේ සම්මේලනය ගෙන ඇති ක්‍රියාමාර්ග ස්තුතිපූර්වකව සිහිපත් කළ යුතුය. ජාත්‍යන්තර කඹ ඇදීමේ සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඇති ශ්‍රී ලංකාව අද වන විට ජාතික තරගාවලි 14ක් පවත්වා ඇත.

ක්‍රීඩා ඇමති ධුරයට ඩලස්

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී…

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගාවලිය සඳහා සුවිශේෂී ඉසව් කිහිපයක්ම එකතු කර තිබීමයි.

මෙවර පැවැත්වීමට සූදානම් කර ඇති ඉසව්

  • අවුරුදු 14ට වැඩි 18ට අඩු කිලෝග්‍රෑම් 560 බාලක කනිෂ්ඨ අංශය
  • අවුරුදු 14ට වැඩි 18ට අඩු කිලෝග්‍රෑම් 480 බාලිකා කනිෂ්ඨ අංශය
  • අවුරුදු 23න් පහළ කිලෝග්‍රෑම් 600 බාලක අංශය
  • අවුරුදු 23න් පහළ කිලෝග්‍රෑම් 500 බාලිකා අංශය
  • ජ්‍යේෂ්ඨ බර කිලෝග්‍රෑම් 640 පිරිමි අංශය
  • ජ්‍යේෂ්ඨ බර කිලෝග්‍රෑම් 540 කාන්තා අංශය
  • බර සීමාවක් නොමැති අංශය

කඹ ඇදීම ලංකාව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් මෙවර තරගාවලිය සඳහා පාසල් ක්‍රීඩකයන් සම්බන්ධ ඉසව්වක් ද, බර සීමාවක් නොමැති ඉසව්ව ද තරගාවලියට එකතු කිරීම සුවිශේෂී කරුණකි.

මෙවර, කණ්ඩායම් 25ක් පමණ සහභාගි වීම සහතික කර ඇති අතර එදිනට තවත් කණ්ඩායම් සහභාගි විය හැකි බව කඹ ඇදීමේ සංගමයේ ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා පැවසීය.

14 වැනි ජාතික තරගාවලියේ ශූරතාවයත් දිනා සිටින යුධ හමුදා කණ්ඩායම වත්මන් ශූරයන් වූවද ඕනෑම ක්‍රීඩාවක දී අභියෝගාත්මක විය හැකි නාවික හමුදා ක්‍රීඩා සමාජය හා අනිකුත් ක්‍රීඩා සමාජ ඔවුන්ට දැඩි තරගයක් ලබා දෙනු ඇත.

තරගාවලියේ තවත් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<