මැට් ලීගේ වැඩ වැඩි වෙයි

1008

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දා නම් කළ 29 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස, ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මැට් ලී පත් කර ඇත. හිටපු ශ්‍රී ලංකා සත් සාමාජික විශේෂඥයෙකු වන නාලක වීරක්කොඩි එම කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දිනවල පැවැත්වුණු …..

පසුගිය ජුනි මාසයේ දී, නවක ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සමඟ ඔමල්ක ගුණරත්නගේ නායකත්වය යටතේ ආසියානු පළමු කාණ්ඩයේ ශූරතාවලියට සහභාගී වූ යොවුන් කණ්ඩායමේ බර මැට් ලී ගේ කර මතට පැටවිය. 

එම තරගාවලියේ දී පිලිපීනයට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස පරාජය වූවත්, ඉන්පසුව පැවති තරගයේ දී තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 72-17ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

නමුත් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම මීට පෙර මැට් ලී යටතේ පුහුණුවීම් කටයුතු සිදු කර නැති නිසා මැට් ලීට මම කණ්ඩායම තරමක් අභියෝගයක් විය හැකි නමුත් සත් සාමාජික තරග රටාවේ ප්‍රවීණයින් වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ධනුෂ්ක රන්ජන්, දනුෂ් දයාන් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතය තුළ සිටින නිසාවෙන් මැට් ලීට එය සිතන තරම් අභියෝගයක් නොවනු ඇත. 

මහනුවර සුක්කානම නව අතකට!

පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ………….

තවත් මාසයක් වැනි කෙටි කාලයකින්, ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත අතර මෙම 29 දෙනාගේ සංචිතයෙන් හොඳම ක්‍රීඩකයින් 15 දෙනෙකු එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ඇත. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<