ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් තරු 150 බිහිවූ පාසල්

4306

2019 වසරේ මැයි මස පළමු සතිය අවසන් වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග රටාව වෙනුවෙන් ක්‍රීඩකයින් 150ක් හඳුන්වා දී තිබේ. මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අසන්ත ද මෙල් වන අතර අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයා බවට පත් වූයේ ඕෂධ ප්‍රනාන්දු යි.

ගේල් භීතිකාව ආයෙත්

ක්‍රිකට් පිටියේ දැවැන්තයා ලෙස විරුදාවලිය ලත් ක්‍රිස් ගේල්ගේ බටහිර…..

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයෙන් බිඳක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබෙන්නේ 1982 වසරේ දීයි. ලෝකයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදුන් “ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරුන්” යැයි සැලකෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1981 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණියේ එක්දින ක්‍රිකට් තරග දෙකක් සහ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙනි. ශ්‍රී ලංකාව ඒ වනවිටත් එක්දින ක්‍රිකට් වරම් දිනාගෙන (වර්ෂ 1975) සිටි නිසා මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී විය. ඒ බන්දුල වර්ණපුරගේ නායකත්වය යටතේයි. එම තරගයේ දී අර්ජුන රණතුංග, රංජන් මඩුගල්ල සහ රෝයි ඩයස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් විය.  

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන අසන්ත ද මෙල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්විය. 1982 පෙබරවාරි මස 17 සිට 21 දක්වා කොළඹ පී. සරවනමුත්තු ක්‍රිකට් පිටියේ පැවති එම තරගය එංගලන්තය කඩුලු 7කින් ජයගත් නමුත් ශ්‍රී ලංකාව, එවකට සිටි ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් ලබාදීමට සමත් විය.

ජාතික කණ්ඩායමට පිවිසීමට ශ්‍රී ලාංකීය පාසල් වල දායකත්වය

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාත්‍යන්තර තලය වෙත යාමට පෙර අවසන් වතාවට ක්‍රීඩා කළ පාසල් පමණක් මෙහි දක්වා ඇත. (මෙම ලැයිස්තුවේ සිටින බොහෝමයක් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මුල් පාසල මෙය නොවන බව කරුණාවෙන් සලකන්න.)

එදා සිට අද දක්වා ගෙවී ගිය වසර 37ක කාලය තුළ ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 150 දෙනා දිවයින පුරා විසිරුණු පාසල් 44කින් ජාතික කණ්ඩායම වෙත පිවිසී තිබෙන අතර එහි වැඩිම දායකත්වය දක්වා ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලය යි. මේ දක්වා ජාතික කණ්ඩායම තුළ බිහිවී තිබෙන ක්‍රීඩකයින් 150 දෙනා අතරින් ක්‍රීඩකයින් 18 දෙනෙකු බිහිවී ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වන අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් බවට පත්වූ අර්ජුන රණතුංග, මාවන් අතපත්තු සහ දිනේෂ් චන්දිමාල්ගේ නම්ද එම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ය.

අෆ්රිඩිගේ චරිතාප්‍රදානයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගේ බෙලි කැපෙයි

ක්‍රීඩා පිටිය තුල දී පමණක් නොව ඉන් පිටතදීත් ඉතාමත් විනෝදකාමි සරල…..

ඊට අමතරව මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය දිනාගෙන තිබෙන පාසල වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහෝදර පාසල වන කොළඹ නාලන්දා විද්‍යාලය යි. කොළඹ නාලන්දා විද්‍යාලය ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනෙක් ද ඇතුළත්ව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 14 දෙනෙකු ජාතියට දායාද කර තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වන බන්දුල වර්ණපුරගේ පාසල වන්නේ ද කොළඹ නාලන්දා විද්‍යාලය යි.

එසේම වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා සහ ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන අසන්ත ද මෙල් ඇතුළුව රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙක්, වසර 37ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ජාතියට දායද වී තිබේ. ඊට අමතරව මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වැනි විද්‍යාල මඟින් සැලකිය යුතු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ජාත්‍යන්තරයට හඳුන්වා දී ඇත.

1982 වසරේ සිට 2019 (2019 මැයි මස 7 වැනිදා) වසර දක්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 150ක් සිටින අතර එයට ටෙස්ට් ක්‍රිකට් නායකයින් 17 දෙනෙකුද ඇතුළත්ය. ශ්‍රී ලංකා ටෙස්ට් නායකයින් 17 දෙනා ආනන්ද විද්‍යාලය (නායකයින් 3), නාලන්දා විද්‍යාලය (නායකයින් 2), සාන්ත ජෝසප් විද්‍යාලය (නායකයින් 2), ඩී. එස්. සේනානායක විද්‍යාලය (නායකයින් 2), රාජකීය විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කළුතර විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, මලියදේව විද්‍යාලය, සාන්ත සර්වේසස් විද්‍යාලය, රිචමන්ඩ් විද්‍යාලය යන විද්‍යාල වලින් බිහිවී තිබේ.

එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින සිට ශ්‍රී ලාංකිකයින් නැවතත්…….

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 150 දෙනාගේ නම් සහ ඔවුන්ගේ පාසල් මෙසේයි. (සැ:යු: මේ ලැයිස්තුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ  2019 මැයි මස 7 වැනිදායි. එසේම මේ සඳහා ඒ ඒ ක්‍රීඩකයින්ගේ පාසල තෝරාගෙන ඇත්තේ ඔවුන් ජාතික කණ්ඩායමට පිවිසීමට පෙර නියෝජනය කළ අවසන් පාසල බවද කරුණාවෙන් සලකන්න./ * – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින්)

කොළඹ ආනන්ද විද්‍යාලය (ක්‍රීඩකයින් 18) – අර්ජුන රණතුංග*, චරිත් සේනානායක, දිනුක හෙට්ටිආරච්චි, ධම්මික රණතුංග, අවිශ්ක ගුණවර්ධන, දුලීප් සමරවීර, බ්‍රෙන්ඩන් කුරුප්පු, අජිත් ද සිල්වා, දිනේෂ් චන්දිමාල් *, මිත්‍ර වෙත්තමුණි, උදාර ජයසුන්දර, මාවන් අතපත්තු*, සංජීව රණතුංග, සිදත් වෙත්තමුණි, සචිත්‍ර සේනානායක, තිලාන් සමරවීර, චන්දික හතුරුසිංහ, මහේල උඩවත්ත.

කොළඹ නාලන්දා විද්‍යාලය (ක්‍රීඩකයින් 14) – ගාමිණී වික්‍රමසිංහ, අනුර රණසිංහ, අසංක ගුරුසිංහ, බන්දුල වර්ණපුර*, චාමර දුනුසිංහ, මහේල ජයවර්ධන*, කුමාර් ධර්මසේන, සනත් කළුපෙරුම, ඉෂාර අමරසිංහ, රොෂාන් ගුණරත්න, රොෂාන් මහානාම, ශාන්ත කලවිටිගොඩ, ලලිත් කළුපෙරුම, යොහාන් ගුණසේකර.

කොළඹ රාජකීය විද්‍යාලය (ක්‍රීඩකයින් 10) – අසන්ත ද මෙල්, රොෂාන් ජුරන්ග්පති, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා, රංජන් මඩුගල්ල*, රොහාන් ජයසේකර, ජයන්ත අමරසිංහ, චාමික කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙනිය.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය (ක්‍රීඩකයින් 8) – ඇන්ජලෝ මැතිව්ස්*, ඈෂ්ලි ද සිල්වා, දිමුත් කරුණාරත්න*, මයිකල් වැන්ඩොට්, තිසර පෙරේරා, චමින්ද වාස්, රොෂේන් සිල්වා, සධීර සමරවික්‍රම.  

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය (ක්‍රීඩකයින් 8) – සුසිල් ප්‍රනාන්දු, ප්‍රසන්න ජයවර්ධන, සජීව ද සිල්වා, දිනූශ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, රොමේෂ් කලුවිතාරණ, රොජර් විජේසූරිය, ඕෂධ ප්‍රනාන්දු.  

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය (ක්‍රීඩකයින් 7) – කෞෂාල් ලොකුආරච්චි, රුමේෂ් රත්නායක, රෝයි ඩයස්, රසල් ආර්නෝල්ඩ්, මලින්ද වර්ණපුර, අමල් සිල්වා, විනොතන් ජෝන්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (ක්‍රීඩකයින් 6) – සාලිය අහංගම, කපිල විජේගුණවර්ධන, කෞෂාල් සිල්වා, දුලීප් මෙන්ඩිස් *, කෞශික් අමාලීන්, ගයි ද අල්විස්.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය (ක්‍රීඩකයින් 5) – කෝසල කුරුප්පුආරච්චි, නවීඩ් නවාස්, අරවින්ද ද සිල්වා*, හෂාන් තිලකරත්න*, පුබුදු දසනායක.

කළුතර විද්‍යාලය (ක්‍රීඩකයින් 5) – දුලීප් ලියනගේ, මාලිංග බණ්ඩාර, සුජීව ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, තිලකරත්න ඩිල්ශාන් *

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (ක්‍රීඩකයින් 4) – මහේෂ් ගුණතිලක, මුත්තයියා මුරලිදරන්, පියල් විජේතුංග, රුවන් කල්පගේ.

ක්‍රිකට් වෙනස් වුණු ලෝක කුසලානේ සංධිස්ථාන

දිනෙන් දින ලෝකය දියුණුවට පත්වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව ද අදහා ගත නොහැකි…..

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (ක්‍රීඩකයින් 4) – හසන්ත ප්‍රනාන්දු, සෝමචන්ද්‍ර ද සිල්වා*, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (ක්‍රීඩකයින් 4) – රවී රත්නායක, කුමාර් සංගක්කාර*, නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (ක්‍රීඩකයින් 4) – චමිල ගමගේ, චම්පක රාමනායක, සුරංග ලක්මාල් *, ධනංජය ද සිල්වා.

කොළඹ ඉසිපතන විද්‍යාලය (ක්‍රීඩකයින් 4) – සුරේෂ් පෙරේරා, නුවන් සොයිසා, සංජීව වීරසිංහ, අශෝක ද සිල්වා.

ගාල්ල මහින්ද විද්‍යාලය (ක්‍රීඩකයින් 4) – ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, ලසිත් මාලිංග, උපුල් චන්දන.  

කුරුණෑගල මලියදේව විද්‍යාලය (ක්‍රීඩකයින් 3) – රංජිත් මදුරසිංහ, එරික් උපශාන්ත, රංගන හේරත් *

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (ක්‍රීඩකයින් 3) – ග්‍රැහැම් ලැබ්රෝයි, දසුන් ශානක, දුෂ්මන්ත චමීර.  

කඳාන ද මැසනොඩ් විද්‍යාලය (ක්‍රීඩකයින් 3) – දිල්හාර ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද්, ලක්ෂාන් සඳකැන්.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය (ක්‍රීඩකයින් 3) – දොන් අනුරසිරි, ඉන්දික ගාල්ලගේ, දිල්රුවන් පෙරේරා.

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය (ක්‍රීඩකයින් 2) – සනත් ජයසූරිය*, කසුන් රාජිත.

මාතර රාහුල විද්‍යාලය (ක්‍රීඩකයින් 2) – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සුරාජ් රන්දිව්.

කොළඹ වෙස්ලි විද්‍යාලය (ක්‍රීඩකයින් 2) – ෆර්වීස් මහරූෆ්, ශ්‍රීධරන් ජෙගනාදන්.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය (ක්‍රීඩකයින් 2) – රවීන්ද්‍ර බුද්ධික, චරිත් බුද්ධික.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය (ක්‍රීඩකයින් 2) – නිරෝෂන් බණ්ඩාරතිලක, ලහිරු ගමගේ.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය (ක්‍රීඩකයින් 2) – ඉන්දික ද සේරම්, ප්‍රභාත් නිස්සංක.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – නුවන් කුලසේකර.

මොරටු මහා විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – අජන්ත මෙන්ඩිස්.

කොළඹ මහානාම විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – ධනුෂ්ක ගුණතිලක.

ලෝක කුසලාන අවසන් සටනේ ශූරයින් මෙන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමෙන් පසු මේ ගෙවී යන්නේ 45…..

කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – අසේල ගුණරත්න.

අම්බලන්ගොඩ ධර්මාසෝක විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – උපුල් තරංග.

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – තිළිණ තුෂාර මිරැන්ඩෝ.

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය (ක්‍රීඩකයින් 1) තරංග පරණවිතාන.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – ලංකා ද සිල්වා.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – චානක වෙලගෙදර.  

රත්ගම දේවපතිරාජ විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – තරිඳු කෞෂාල්.

හලාවත සාන්ත මරියා විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – ශමින්ද එරංග.  

කළුතර සිරි කුරුස විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – ජයන්ත සිල්වා.

මහනුවර ධර්මරාජ විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – චාමර කපුගෙදර.

කොළඹ ලුම්බිණි විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – මලින්ද පුෂ්පකුමාර.

කැලණිය ගුරුකුල විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – ගයාන් විජේකෝන්.

පානදුර රාජකීය විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – චාමර සිල්වා.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – නුවන් ප්‍රදීප්.

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලය (ක්‍රීඩකයින් 1) – රුචිර පෙරේරා.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – කෝසල කුලසේකර.

බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – සීක්කුගේ ප්‍රසන්න.  

පානදුර මහානාම විද්‍යාලය (ක්‍රීඩකයින් 1) – අකිල දනංජය.  



>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<