වොලිබෝල් පුහුණුකරුවන් 15 දෙනෙකුට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

323
Volleyball Coaches

2017 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති විදෙස් වොලිබෝල් තරගාවලි සඳහා ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු, සහ අභ්‍යාසක ධූර පහක් සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්කරුවන් 32ක් අතරින් 15 දෙනෙකුට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ඊයේ (24) හිමිවිය.

ආසියානු බීච් වොලිබෝල් ශූරතාවයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ඇරඹේ

ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග එළඹෙන 22 වැනිදා හ‍ෙයියන්තුඩුව මාකොළ තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ. එහිදී කාණ්ඩ දෙකක් යටතේ මෙම තේරීම් තරග පැවැත්වීමට නියමිත වේ. ඒවා නම් විවෘත කාන්තා, පිරිමි හා වයස අවුරුදු 21න් පහළ ක‍ාන්තා පිරිමි ලෙසයි.

වොලිබෝල් සංචිත 5ක් සඳහා පුහුණුකරුවන් 15 දෙනෙකු ‍තෝරා පත් කර ගෙන ඇති අතර එකවර මෙවැනි වොලිබෝල් පත්වීම් ගණනාවක් ‍සිදුකල පළමු අවස්ථාව මෙය බවත්, මීට පෙර ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩා කළ ප්‍රවීන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හටත් මෙම පත්වීම් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පවසා සිටියේය.

“මේ පුහුණුකරුවන් අතරට ප්‍රවීන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් වගේම නවක මුහුණ කිහිපයකුත් ඇතුළත් කරලා තියෙනවා. චාල්ස් තිලකරත්න ප්‍රවීණතම වොලි‍බෝල් පුහුණුකරුවෙක්. ඔහු නැවතත් පිරිමි ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කළා. නව පත්වීම් අතර චමින්ද ලක්ෂාන් හා චමින්ද කුමාර ජයරත්න යන අය පත් කළ එකත් කැපීපෙනෙනවා.

නව වොලිබෝල් පුහුණුකරු පත්වීම් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම‍ ප්‍රමාද වු බවත් ඒ. එස්. නාලක මහතා වැඩිදුරටත් ThePapare.com සමඟින් පැවසීය.

“පුහුණුකරු පත්වීම්වලට ඇමතිතුමගේ අනුමැතිය ගන්න ටිකක් ප්‍රමාද වුනේ එකවරම අපි සකස් කළ ලැයිස්තුව ඇමතිතුමා ලඟට නොයෑම නිසා. ඒ ලැයිස්තුව මුලින්ම විධායක අධ්‍යක්ෂතුමන් ලඟට, ඊට පස්සේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්, සංගම් අංශයට, අමාත්‍යාංශ අධ්‍යක්ෂකතුමන් සහ අමාත්‍යාංශ ලේකම්තුමන් ලඟට ගිහින් තමයි අවසානයේ ඇමතිතුමන් ලඟට යන්නේ. ඉතිං එහෙම යන කොට සති 2ක් විතර යනවා. එකයි ටිකක් ප්‍රමාද වුනේ.”

ජාතික නව වොලිබෝල් පුහුණුකරු පත්වීම් පහතින් දැක්වේ.

  • වයස 19න් පහළ (පිරිමි) – ප්‍රධාන පුහුණුකරු – චමින්ද ලක්ෂාන්, සහාය පුහුණුකරු – පී. තාරක රත්නවීර, අභ්‍යාසක –  කේ. උපේන්ද්‍ර පෙරේරා
  • වයස 23න් පහළ (පිරිමි) – ප්‍රධාන පුහුණුකරු – එච්. ඒ. චන්න ජයසේකර, සහාය පුහුණුකරු – ආර්. ඒ. චමින්ද කුමාර ජයරත්න, අභ්‍යාසක- පී. ජගත් සේනාධීර
  • වයස 23න් පහළ (කාන්තා) – ප්‍රධාන පුහුණුකරු – ආනන්ද වන්නිතිලක, සහාය පුහුණුකරු – කේ. ඒ. ජානක ඉන්ද්‍රජිත්,  අභ්‍යාසක – පී. ජී. මොරිස් චමින්ද පෙරේරා
  • ජ්‍යේෂ්ඨ (පිරිමි) – ප්‍රධාන පුහුණුකරු -චාල්ස් තිලකරත්න, සහාය පුහුණුකරු – නලින් සම්පත් අබේසිංහ, අභ්‍යාසක – කේ. එම්. කේ. සුනිල්
  • ජ්‍යේෂ්ඨ (කාන්තා) – ප්‍රධාන පුහුණුකරු – ඩී. එච්. සුමිත් ජයලාල්, සහාය පුහුණුකරු – එම්. පී සමන්සිරි සෙනෙවිරත්න, අභ්‍යාසක – එම්. සුසිරි මංගල කුමාර

2017 වසරේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික වොලිබෝල් තරග සංචාර 5ක් ඉලක්ක කරගනිමින් මෙම පත්වීම් ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු විදෙස් වොලිබෝල් තරගාවලිය මාර්තු 28 වැනිදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වා මියන්මාරයේ පැවැත්වීමට නියමිතයි. තවද ලබන මැයි මාසයේදී  23න් පහළ පිරිමි ආසියානු ශූරතාවය ඉරානයේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව එළඹෙන මැයි මාසයේ තායිලන්තයේදී එම වයස් කාණ්ඩයේම කාන්තා ආසියානු ශූරතාව පැවැත්වෙන අතර ආසියානු ජ්‍යේෂ්ඨ පිරිමි ශූරතාවය හා කාන්තා ශූරතාවය ලබන අගෝස්තු මාසයේදී පැවැත්වේ.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට