මහනුවර නායක වීරරත්නත් පැරිස් යන සංචිතයට

817

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා නවකයින් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ප්‍රංශයේ පැරිස් නුවර කරා පිටත්ව යනු ඇත.

සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් යුතු මේ සංචිතය 28 වැනිදා නම් කළ අතර ප්‍රංශයේ ක්‍රීඩා සමාජයක පුහුණුවීම්වලින් අනතුරුව එළඹෙන ජූලි 7 හා 8 ද පැරිස් හි පැවැත්වෙන පැරිස් ලෝක ක්‍රීඩා උළෙලට ද ඔවුන් සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම ප්‍රංශයට

ලබන අගෝස්තුවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ගයාන් වීරරත්න නැවත කණ්ඩායමට පිවිස ඇති අතර 2015 ආසියානු සත් සාමාජික තරගාවලියෙන් පසු ලීග් ශූරතාව දිනූ මහනුවර කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයට එක්වූ පළමු වතාව මෙයයි.

නැගී එන ක්‍රීඩකයින්ට ද අවස්ථාවක් ලබා දීමේ අරමුණින් සාන්ත අන්තෝනි විද්‍යාලයේ හිටපු නායක හා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ දිනුක් අමරසිංහ හට ද ශ්‍රී ලංකා සංචිතයේ ඉඩක් හිමිව ඇති අතර වසර දෙකකට පසු CH & FC කණ්ඩායමේ නිශෝන් පෙරේරා ද මෙවර සංචිතයට ඇතුලත්ව තිබේ.   

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගී වූ අදිශ වීරතුංග හට නැවතත් කණ්ඩායමේ ස්ථානය හිමි වී ඇති අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ධනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ කවිඳු පෙරේරා ද කණ්ඩායම සවිමත් කරනු ඇත.   

වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් වන නවීන් හේනකන්කානම්ගේ, තරින්ද රත්වත්ත හා සුදම් සූරියආරච්චි ද ශ්‍රී ලංකා සංචිතය සමග පැරීසියට පියාසර කරනු ඇත.

“අපේ පළමු අවධානය තමයි දක්ෂතා පෙන්වීම, මට ආරක්ෂක ක්‍රීඩා විලාසයේ හා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයේ හොඳ දක්ෂතා බලන්න ඕන, මට එකිනෙකාගේ පෞද්ගලික දක්ෂතාවයන් බලන්න අවශ්‍යයි , අපිට එහෙම කරන්න පුළුවන් නම් ආසියානු ක්‍රීඩා උළෙලේ අපිට හොඳ තැනක් හිමි වේවි.” කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් මහතා අදහස් දැක්විය.

YouTube

(null)

15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මෙසේය:

  1. සුදර්ශන මුතුතන්ත්‍රි (නායක) – CH & FC
  2. ධනුෂ්ක රන්ජන් – මහනුවර ක්‍රීඩා සමාජය
  3. ජේසන් දිසානායක –  මහනුවර ක්‍රීඩා සමාජය
  4. දනුෂ් දයාන් – මහනුවර ක්‍රීඩා සමාජය
  5. ශ්‍රීනාත් සූරියබණ්ඩාර  – මහනුවර ක්‍රීඩා සමාජය
  6. කවිඳු පෙරේරා  – CR & FC
  7. සුදම් සූරියආරච්චි  – CH & FC
  8. ගයාන් වීරරත්න  – මහනුවර ක්‍රීඩා සමාජය
  9. අදිශ වීරතුංග – නාවික හමුදා ක්‍රීඩා සමාජය
  10. නවීන් හේනකන්කානම්ගේ – CH & FC
  11. නිශෝන් පෙරේරා – CH &FC
  12. තරින්ද රත්වත්ත – CR & FC
  13. බුද්ධිම පියරත්න – නාවික හමුදා ක්‍රීඩා සමාජය
  14. දිනුක් අමරසිංහ – හැව්ලොක් ක්‍රීඩා සමාජය
  15. රීසා රෆයිඩීන් – CR & FC

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<