140 වැනි රාජකීය – සාන්ත තෝමස් ගැටුමට පෙර

334

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා  ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 7, 8 සහ 9 තෙදින කොළඹ මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.

නිල් මහා සටනේ 140 වැනි දිගහැරුම ලබන මාසයේ

ලොව පැරණිතම මහා ක්‍රිකට් තරග අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නා කොළඹ රාජකීය විද්‍යාලය

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත්තේ 1878 දී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර දී ආරම්භ වූ සාන්ත පීතර සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විදුහල අතර තරගයයි. එය එසේ වූවද 1879 වසරේ සිට ආරම්භ වූ මෙම නීල වර්ණ කඩුලු පන්දු ගැටුම ලොව මෙතෙක් නොකඩවා පවත්වනු ලැබූ එකම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත.

මෙම තරගය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වේ. ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

නිල් සටනේ මෙතෙක් පැවති තරග 139 අතුරින් තරග 35ක් ජයග්‍රහණය කිරීමට රාජකීය විද්‍යාලය සමත්ව ඇති අතර තරග 34ක් ජයග්‍රහණය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්ව තිබේ.

නිල් මහ සටන් ඉතිහාසයේ වාර්තා කිහිපයක්

වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් වරට තරගයක් ජයග්‍රහණය කිරීමේ ගෞරවය දිනා ඇත්තේ 2016 වසරේ දී ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් යුත් රාජකීය කණ්ඩායමයි. තෝමසුවන් අවසන් වරට අශාන් පීරිස්ගේ නායකත්වය යටතේ 2007 වසරේ දී ජයග්‍රහණය ලබා ඇත.

නිල් මහ සටන් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකාරිත්වය රාජකීයයන් සතුවන අතර ඔවුන් 2006 දී කඩුලු 9කට ලකුණු 432ක් රැස් කරගෙන ඇත. එකී වාර්තාව තෝමසුවන් ඉදිරියේ ලියැවෙන්නේ 2009 වසරේ දී කඩුලු 9ක් දැවී රැස් කරන ලද ලකුණු 411 යි. ක්‍රීඩකයෙක් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව රාජකීය විද්‍යාලයේ සුමිත්‍ර වර්ණකුලසූරිය සතු වන්නේ 1980 දී රැස් කරන ලද ලකුණු 197යි. තෝමසුවන් වෙනුවෙන් 1972 දී දුලිප් මෙන්ඩිස් විසින් රැස් කරන ලද ලකුණු 184 තවමත් වාර්තා පොත් අතර නිරුපද්‍රිතව තිබේ.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විරුවා

“1981 වසරේ පෙබරවාරි පළමු වැනිදා සවස 5.42ට සිදු වූ එම සිදුවීම මම අදටත් විශ්වාස කරන්නේ නවසීලන්ත ක්‍රිකට්

කණ්ඩායම් දෙක අතරින් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සබඳතාව ලෙසින් සටහන් වෙන්නේ 1996 වසරේ දී රාජකීය විද්‍යාලයේ අනුෂ්ක පොළොන්නෝවිට සහ යසස් ධර්මරත්න විසින් තෙවැනි කඩුල්ලට වාර්තා කරන ලද ලකුණු 254යි.

නිල් මහා සටන් ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ 1901 වසරේ දී රාජකීය විද්‍යාලයේ ඩී. ගුණසේකර විසින් ලකුණු 17කට ලබා ගත් කඩුලු 8යි. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් එකී දක්ෂතාව කර ඇත්තේ 1884 වසරේ දී එෆ්. තෝමස් විසිනි. ඒ ලකුණු 03කට ලබා ගත් කඩුලු 7යි.

නිමා වූ තරග ඉතිහාසයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සටහන්ව ඇත්තේ රාජකීය විද්‍යාලයේ රෝචන ජයවර්ධන ය. ඔහු 1983 වසරේ දී පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 145ක් ලබා ගනිමින් පන්දු යැවීමේ දී ලකුණු 45කට කඩුලු 5ක් දවා ගත්තේය.

එය සාන්ත තෝමස් පිටු අතර ලියැවී ඇත්තේ එම්. ඕ. ගුණරත්න නමිනි. ඔහු 1935 වසරේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 107ක් වාර්තා කරමින් ලකුණු 34කට කඩුලු 7ක් දවා ගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමසුවන් මෙවර නිල් මහා සටනට පිවිසෙන්නේ නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී සම්පූර්ණ ජයග්‍රහණ 6ක් දිනා ගනිමින් අපරාජිත කණ්ඩායමක් සේ ය. ඔවුන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කෑගල්ල සාන්ත මේරිස් විද්‍යාලය සහ ගාල්ල ඇලෝසියස් විද්‍යාලවලට එරෙහිව ජයග්‍රහණ ලබා ඇත. සහභාගී වූ අනෙක් සෑම තරගයක් ම ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ඔවුන් සමත්ව ඇත.

එයිනුත් කොළඹ වෙස්ලි විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලවලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇත.

මේ දක්ෂතා දැක්වීමට සිතාර හපුහින්නගේ නායකත්වයෙන් යුත් සාන්ත තොමසුවන්ට බෙහෙවින් ම ඉවහල්ව ඇත්තේ වේගපන්දු යවන කළණ පෙරේරා සහ දඟපන්දු යවන ඩෙලෝන් පීරිස් හේතුවෙනි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කරන මොවුන් අතරින් කළණ මේ වන විට කඩුලු 76ක් ලබා ගනිමින් ද, ඩෙලොන් පීරිස් කඩුලු 74ක් ලබා ගනිමින් ද සිටී.

තෝමස්වරුන්ගේ පිතිකරණයෙන් ඉදිරියෙන්ම සිටින්නේ නායක සිතාර හපුහින්න ය. ඔහු ලකුණු 800 සීමාව පසුකරමින් නායකත්වයට අමතරව කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ද සුවිශේෂී ස්ථානයක් දිනා සිටී. ඔහුට අමතරව ශලින් ද මෙල් කෙරෙහි ද තෝමසුවන් වැඩි විශ්වාසය තබා සිටී. ඔහු මේ වෙද්දී ලකුණු 600 සීමාව පසු කර සිටී.

ඊට අමතරව පිතිකරු බලඇණිය ශක්තිමත් කිරීමට රවිඳු ද සිල්වා සහ උමයංග සුවාරිස් ද බලා සිටී. ඔවුන් දෙදෙනා මේ තරග වාරයේ පසුකර ඇති ලකුණු සංඛ්‍යාව 400කි.

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම;

සිතාර හපුහින්න (නායක) ශලින් ද මෙල්, ඩෙලොන් පීරිස්, කළණ පෙරේරා, ඩියොන් ප්‍රනාන්දු, කිශාන් මුණසිංහ, තෙවින් ඊරියගම, මනීෂ රූපසිංහ, දිල්මින් රත්නායක, මොහොමඩ් ඉෂාක්, යොහාන් පෙරේරා, උමයංග සුවාරිස්, සේමාල් සමරවික්‍රම, ටෙහාන් ෂාෆ්ටර්, ෂැනොන් ප්‍රනාන්දු, ශමිල වික්‍රමතිලක, රවිඳු ද සිල්වා

දිනේෂ් කුමාරසිංහ (පුහුණුකරු)

රාජකීය විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම දක්වා පැමිණ ඇත.

නිමා වූ තරගාවලියේ දී ඔවුන් හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, හලාවත සාන්ත මේරිස් විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ දෙබරවැව ජාතක පාසලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කරගනිමින් වඩාත් ශක්තිමත්ව නිල් මහා සටනට පිවිසෙති.

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයා වී ඇත්තේ පසුගිය වසරේ නායක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන පසිඳු සූරියබණ්ඩාර ය. ඔහු මේ වසරේ දී ශතක දෙකක් ද සමඟින් ලකුණු 850 සීමාවට ළඟා වී සිටී. ඊට අමතරව ඊෂ්වර දිසානායක ද ලකුණු 700 සීමාව පසු කරමින් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටී.

මෙවර තරගයේ දී රාජකීයයන්ගේ වඩාත් විශ්වාසවන්ත තුරුම්පුව වී ඇත්තේ නව යොවුන් ක්‍රීඩක කමිල් මිෂ්රා ය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් මේ විශ්වාසය දිනා ගෙන තිබේ.

රාජකීය ඉනිමේ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් පසු වෙන්නේ ගිෂාන් බාලසූරිය ය. ඔහු මේ වන විට කඩුලු 46ක් ලබා ගෙන සිටී.

රාජකීය විද්‍යාලයීය කණ්ඩායම;

කවිඳු මදාරසිංහ (නායක) තෙවිඳු සේනාරත්න, පසිඳු සූරියබණ්ඩාර, මනුල පෙරේරා, අශාන් වික්‍රමසිංහ, භාග්‍ය දිසානායක, කමිල් මිෂ්රා, දිමාල් කරුණාරත්න, කවිඳු පතිරත්න, ලහිරු මධුශංක, ඊෂ්වර දිසානායක, ගිෂාන් බාලසූරිය, දසිස් මංචනායක, තිතිර වීරසිංහ, කෞෂාන් කුලසූරිය, තරූෂ රුක්ෂාන්, ෂෙහාන් හේරත්,

ජෙහාන් මුබාරක් (පුහුණුකරු)

140 වැනි නිල් මහ සටනේ තරග වාර්තා, ඡායාරූප ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටින අතර තරගයේ සෑම මොහොතක්ම සජීව ලෙස ඔබට සමීප කරන්නට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<