Home Sinhala සාන්ත තෝමස් ක්‍රීඩකයෝ වසර 12කට පසුව නිල් මහ සටන ජය ගනී

සාන්ත තෝමස් ක්‍රීඩකයෝ වසර 12කට පසුව නිල් මහ සටන ජය ගනී

449

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 140 වැනි වරටත් පැවති නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වසර 12කට පසුව ජයග්‍රහණය කිරීමට සාන්ත තෝමසුවන් අද (9) සමත් වූහ.

ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි

කොළඹ 7 මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජය පිටියේ දී අද ඔවුන් ප්‍රතිවාදී රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 7කින් පරාජය කරනු ලැබූහ. තෝමසුවන් ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය අවසන් වරට ගල්කිස්සට රැගෙන ගොස් තිබුණේ 2007 වසරේ දී අශාන් පීරිස්ගේ නායකත්වය යටතේ ලත් ජයග්‍රහණය දා ය. මෙවර එම වාර්තාව අලුත් කරනු ලැබුවේ සිතාර හපුහින්න ය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 158ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 296ක් ලබා ගත්හ. රාජකීය ඉනිමේ දෙවැනි ඉනිම දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 259ක් විය.

ඒ අනුව තෝමසුවන්ට ලැබුණ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 122කි. ඒ සඳහා පිටියට පිවිසි නායක සිතාර හපුහින්න සහ ශලින් ද මෙල් තම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් එක් කරමින් ජයග්‍රහණය පහසු කළහ. නමුත් කමිල් මිෂාරගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දුන් සිතාර හපුහින්න තම ඉනිම ලකුණු 34කින් නිමා කර ගත්තේය. ඒ වෙද්දී ඔහු පන්දු 30කට මුහුණ දී හතරේ පහර 5ක් එල්ල කර තිබුණි.

චමිඳුගේ විශිෂ්ට ශතකය නිසා අන්තෝනි විද්‍යාලය පෙරමුණේ!

වසර 105ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව වඩාත් පරිස්සම් වූ ශලින් ද මෙල් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට කටයුතු කළේය. රීඩ් ඇවනිව් ක්‍රීඩකයන්ගේ ඉනිම පරාජයෙන් ලියැවෙන්නට ශලින් ද මෙල් කටයුතු කළේ හතරේ පහරක් ගසමිනි. ඔහු තරග ජයග්‍රහණය සමරද්දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා සිටියේ ය.

රයන් ප්‍රනාන්දු (3) සහ යොහාන් පෙරේරා (2) අඩු ලකුණුවලට සීමා වෙද්දී අනෙක් අන්තයෙන් රවිඳු ද සිල්වා පන්දු 9කට මුහුණ දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියේ ය.

සාන්ත තෝමස් දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 3 කමිල් මිෂාර, ගිශාන් පණ්ඩිතරත්න සහ ලහිරු මධුශංක සතු විය.  

Photos: Royal College vs S. Thomas’ College – 140th Battle of the Blues | Day 3

තරගය දෙවැනි දිනයට නතර කරන විට භාග්‍ය දිසානායක (16) සහ කවිඳු පතිරත්න (21) පිටියේ නොදැවී රැඳී සිටි අතර අද ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් එක් කරමින් රාජකීය ඉනිමට ශක්තියක් එක් කළහ. කවිඳු පතිරත්න පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය. භාග්‍ය දිසානායක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21කි.

දිනය ආරම්භ වූයේම රාජකීයයන්ට අවාසි සහගත බවක් එක් කරමින් වූවද ඔවුන්ගේ පරාජය පමා කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ පසිඳු සූරියබණ්ඩාරට ය. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ල දැවී ගිය පසුව පිටියට පිවිස 7 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 160කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය.

ඔහු 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලහිරු මධුශංක (11*) හා එක්ව ලකුණු 62ක සබඳතාවක් ද ගොඩ නැගුවේ ය.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක්. මෙම අවසාන මහා තරගයෙන් බිහි වූ අපූරු

අනෙකුත් ක්‍රීඩකයන් වූ තිතිර වීරසිංහ (0), කෞෂාන් කුලසූරිය (14) සහ ගිශාන් බාලසූරිය (0) අඩු ලකුණුවලට සීමා වූහ.

කඩුලු දවා ගැනීමේ දී නැවත වතාවක් ප්‍රධාන ප්‍රතිවාදියා වීමට වමතින් වේගපන්දු යැවූ කළණ පෙරේරා සමත් විය. ඔහු ලකුණු 102කට කඩුලු 3ක දවා ගත්තේ ය. ඊට අමතරව ඩෙලොන් පීරිස් සහ යොහාන් පෙරේරා කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

තරගයේ දක්ෂතම පන්දු යවන්නා සහ තරගයේ වීරයා ලෙසින් කළණ පෙරේරා නම් කෙරුණු අතර දක්ෂතම පිතිකරු වූයේ උමයංග සුවාරිස් ය. තරගයේ දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මානය ශලින් ද මෙල්ට හිමි විය.

දෙවිහදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ දී ම පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


S. Thomas’ College
296/10 (78.5) & 124/3 (20)

Royal College
158/10 (48.3) & 259/10 (108.2)

Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake b Kalana Perera 0 4 0 0 0.00
Kamil Mishara c Shalin De Mel b Shannon Fernando 36 87 6 0 41.38
Ahan Sanchitha lbw b Kalana Perera 15 27 2 0 55.56
Pasindu Sooriyabandara c Shalin De Mel b Kalana Perera 2 5 0 0 40.00
Kavindu Madarasinghe c Shalin De Mel b Shannon Fernando 11 27 2 0 40.74
Bagya Dissanayake c Dellon Peiris b Kalana Perera 12 20 2 0 60.00
Tithira Weerasinghe lbw b Kalana Perera 0 3 0 0 0.00
Kavindu Pathirathne lbw b Kalana Perera 35 61 7 0 57.38
Kaushan Kulasooriya c Shalin De Mel b Shannon Fernando 28 47 5 0 59.57
Lahiru Madushanka not out 6 7 1 0 85.71
Gishan Balasuriya c Shalin De Mel b Shannon Fernando 0 6 0 0 0.00


Extras 13 (b 4 , lb 4 , nb 4, w 1, pen 0)
Total 158/10 (48.3 Overs, RR: 3.26)
Bowling O M R W Econ
Kalana Perera 14 4 54 6 3.86
Shalin De Mel 3 0 12 0 4.00
Kishan Munasinghe 6 1 21 0 3.50
Yohan Perera 1 0 2 0 2.00
Shannon Fernando 15.3 8 27 4 1.76
Dellon Peiris 5 1 18 0 3.60
Dilmin Rathnayake 4 1 16 0 4.00
Batsmen R B 4s 6s SR
Sithara Hapuinna c Kaushan Kulasooriya b Kamil Mishara 14 13 3 0 107.69
Shalin De Mel lbw b Kavindu Pathirathna 21 18 5 0 116.67
Ryan Fernando c & b Kamil Mishara 60 66 9 1 90.91
Yohan Perera c Kavindu Madarasinghe b Gishan Balasuriya 49 90 8 0 54.44
Kishan Munasinghe b Kamil Mishara 8 18 1 0 44.44
Dellon Peiris b Gishan Balasuriya 4 16 0 0 25.00
Ravindu De Silva b Lahiru Madushanka 2 23 0 0 8.70
Dilmin Rathnayake c Kavindu Madarasinghe b Kavindu Pathirathne 3 29 0 0 10.34
Umayanga Suwaris run out (Kavindu Madarasinghe) 62 109 9 0 56.88
Kalana Perera c Kaushan Kulasooriya b Kavindu Pathirathne 62 59 9 1 105.08
Shannon Fernando not out 5 32 0 0 15.62


Extras 6 (b 0 , lb 0 , nb 2, w 4, pen 0)
Total 296/10 (78.5 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Kavindu Pathirathne 16 1 83 3 5.19
Lahiru Madushanka 9 1 37 1 4.11
Kamil Mishara 19 5 70 3 3.68
Gishan Balasuriya 23 9 65 2 2.83
Kaushan Kulasooriya 10.5 2 26 0 2.48
Tithira Weerasinghe 1 0 14 0 14.00
Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake b Shalin De Mel 20 77 2 0 25.97
Kamil Mishara c Shalin De Mel b Kalana Perera 34 58 6 0 58.62
Kavindu Madarasinghe c Shalin De Mel b Shannon Fernando 25 50 5 0 50.00
Ahan Sanchitha c Sithara Hapuhinna b Kalana Perera 26 50 3 0 52.00
Bagya Dissanayake c & b Dellon Peiris 21 96 2 0 21.88
Kavindu Pathirathne c Dellon Peiris b Kalana Perera 24 54 3 0 44.44
Pasindu Sooriyabandara c Dellon Peiris b Yohan Perera 67 160 9 0 41.88
Tithira Weerasinghe c & b Dellon Peiris 0 3 0 0 0.00
Kaushan Kulasooriya c Ryan Fernando b Kishan Munasinghe 14 37 3 0 37.84
Lahiru Madushanka not out 11 64 1 0 17.19
Gishan Balasuriya b Yohan Perera 0 1 0 0 0.00


Extras 17 (b 6 , lb 4 , nb 6, w 1, pen 0)
Total 259/10 (108.2 Overs, RR: 2.39)
Bowling O M R W Econ
Kalana Perera 30 6 102 3 3.40
Shannon Fernando 23 11 35 1 1.52
Dellon Peiris 23 6 53 2 2.30
Kishan Munasinghe 9 6 14 1 1.56
Dilmin Rathnayake 5 2 16 0 3.20
Shalin De Mel 11 5 12 1 1.09
Yohan Perera 5.2 0 15 2 2.88
Umayanga Suwaris 2 1 2 0 1.00


Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Bagya Dissanayake b Kamil Mishara 34 30 5 0 113.33
Shalin De Mel not out 67 55 10 1 121.82
Ryan Fernando st Kavindu Madarasinghe b Gishan Balasuriya 3 9 0 0 33.33
Yohan Perera b Lahiru Madushanka 2 17 0 0 11.76
Ravindu De Silva not out 13 9 1 0 144.44


Extras 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0)
Total 124/3 (20 Overs, RR: 6.2)
Bowling O M R W Econ
Kavindu Pathirathne 4 0 39 0 9.75
Kamil Mishara 4 0 22 1 5.50
Kaushan Kulasooriya 2 0 16 0 8.00
Lahiru Madushanka 5 0 19 1 3.80
Gishan Balasuriya 5 1 23 1 4.60