ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් 14 දෙනෙක් IPL වෙන්දේසි බිමට

73

2020 VIVO ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් 19 වැනි දින කොල්කටා හිදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 14ක් තේරී ඇත.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් ද ඇතුලත්ව ක්‍රීඩකයින් 997 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබුණි. නමුත් ඒ ඒ ක්‍රීඩකයින් දක්වා තිබෙන දස්කම් සහ ඔවුන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ මූලික වෙන්දේසි මුදල ද සලකා බැලීමෙන් අනතුරුව මේ වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 332ක් අවසන් ලෙස තෝරා ගෙන තිබේ. 

ඒ අනුව මෙවර ඉහළම කාණ්ඩයේ (ඉහළ අවම ලංසු මුදලක්) සිටින විදෙස් ක්‍රීඩකයින් 7 දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව, පැට් කමින්ග්ස්, ජෝෂ් හෙසෙල්වූඩ්, ක්‍රිස් ලින්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල් සහ ඩේල් ස්ටේන් ඇතුලත්ය. ඔවුන්ගේ අවම මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 200කි.

මැතිව්ස් ඉන්දීය රුපියල් ලක්ෂ 200ක අවම ලංසු මුදලක් සඳහා කාණ්ඩගත වන විට, තිසර පෙරේරා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර දෙවන තැන හිමිකර ගනිමින් ඉන්දීය රුපියල් ලක්ෂ 100ක අවම ලංසු මුදලක් සඳහා කාණ්ඩගත වී ඇත. 

IPL වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන අවම ලංසු මුදල් පහත පරිදි වේ.

  • ඇන්ජලෝ මැතිව්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 200
  • තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 100
  • කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • ඕෂද ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • වනිඳු හසරංග – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • දිමුත් කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • නුවන් ප්‍රදීප් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • ජීවන් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • ඇන්ජලෝ පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  • සීකුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50

2020 IPL ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම්වලට ඉතිරිව තිබෙන මුදල් මෙසේයි,

චෙන්නායි සුපර් කිංග්ස් – කෝටි 3.2, දිල්ලි කැපිටල්ස් – කෝටි 7.7, කිංග්ස් ඉලෙවන් පංජාබ් – කොටි 3.7, කොල්කටා නයිට් රයිඩර්ස් – කෝටි 6.05, මුම්බායි ඉන්දියන්ස් – කෝටි 3.55, රාජස්තාන් රෝයල්ස්- කෝටි 7.15, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – කෝටි 1.80, සන්රයිසස් හයිද්‍රාබාද් – කෝටි 5.30.

(සැ:යු: ඉහත සියලුම මුදල් ප්‍රමාණයන් ඉන්දීය රුපියල් වලින් දක්වා ඇත.)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<