ධර්මරාජයට හා ඩී. එස්. සේනානායකයට දැවැන්ත ජයක්

186

වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග රටාවේ තරග නීති රීති අනුව පැවැත්වෙන මේ තරගාවලියේ ඊයේ (13) පැවති තරගවලින් වත්තල සාන්ත අන්තෝනි, වෙස්ලි, ත්‍රිත්ව, ගුරුකුල, මාරිස් ස්ටෙල්ලා, ධර්මරාජ හා ඩී. එස්. සේනානායක විද්‍යාල ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

පසිඳු සහ නිශාන්ගේ ශතක බ. මධ්‍යම සහ දකුණට දැවැන්ත ජයග්‍රහණ ගෙනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට්…..

මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

වත්තල සාන්ත අන්තෝනි පිටියේ දී ක්‍රියාත්මක වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක සාන්ත සේවියර් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. සාන්ත සේවියර් විද්‍යාලය පන්දුවාර 43ක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 186ක් ලබාගත් අතර එහි දී දිනිත් යොහාන් ලකුණු 88ක් ලබාගෙන සාන්ත සේවියර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේ දී සන්කිත් හිරුෂාන් හා ගිහාන් ශස්මික සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 4ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේ ඔසඳ ජයතිලකගේ අර්ධ ශතකය ද සවියක් කරගෙනයි. අවිශ්ක තරිඳු ලකුණු 46යි.

සාන්ත සේවියර් විද්‍යාලය – 186 (43): දිනිත් යොහාන් 88, සුලිත් සදිෂ්ම 32, සන්කිත් හිරුෂාන් 3/09, ගිහාන් ශස්මික 3/19.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 187/4 (27.2): ඔසඳ ජයතිලක 53*, අවිශ්ක තරිඳු 46, ගිහාන් ශස්මික 36.

තරග ප්‍රතිඵලය: වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 6ක ජයක්


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

E කාණ්ඩයේ තරගයක් ලෙස වෙස්ලි විදුහල් පිටියේ දී පැවති මේ තරගය කඩුලු 5කින් ජය ගැනීමට වෙස්ලි විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාල A කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 210ක් ලබා ගත්තේ විනුජ විජයබණ්ඩාරගේ අර්ධ ශතකය ද සවියක් කරගෙනයි. පන්දු යැවීමේ දී තේනුක පෙරේරා කඩුලු 3යි.

තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ තේනුක ලකුණු 57ක් ලබාගෙන වෙස්ලි විද්‍යාලය සවිමත් කළ අතර නිම්සක ඉඳුවර ලකුණු 42ක් ලබා ගන්නා ලදි.

ආනන්ද විද්‍යාල (A) 210 (49.3): විනුජ විජයබණ්ඩාර 77, කනිෂ්ක රන්තිලකගේ 33, තේනුක පෙරේරා 3/33, දෙනුවන් මෙන්ඩිස් 2/25, මුෆ්ති මිශාන් 2/35.

වෙස්ලි විද්‍යාලය (A) 212/5 (41): තේනුක පෙරේරා 57,  නිම්සක ඉඳුවර 42, සහිල් ඩයස් 41, රහල් ගුණසේකර 39, ජනිඳු ජයවර්ධන 2/23.

තරග ප්‍රතිඵලය: වෙස්ලි විද්‍යාලයට කඩුලු 5ක ජයක්

අතුරු තහනම විසි වේ; නිලවරණයට දොර ඇරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම තහනම් කරමින් පසුගිය 30 වැනිදා නිකුත් කළ අතුරු……


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

වර්ෂාවෙන් එල්ල  වූ බාධා නිසා පැරබෝලා ක්‍රමයට අනුව ත්‍රිත්ව විද්‍යාලයට පහසු ජයක් ලැබුණු මේ තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනාගත් සාන්ත මරියා විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිව්සි ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 167ක් ලබා ගත්තේ එම්. ඒ. රයිසාන්ගේ පිතිකරණ ඉනිම ද සවියක් කරගෙනයි. සිනෙත් වීරසූරිය ලකුණු 9කට කඩුලු 3ක් දවා ගනිමින් සාන්ත මරියා විද්‍යාලයේ වැඩිම කඩුලු ලාභියා විය. කවිඳු ඩයස් ත්‍රිත්ව විද්‍යාලයේ වැඩිම කඩුලු ලාභියා වූයේ කඩුලු 4ක් දවා ගනිමිනි.

ත්‍රිත්ව විද්‍යාලය (A) 167 (46.1): එම්. ඒ රයිසාන් 45, ජෙෆ් වීරසිංහ 28, අග්බෝ අමරසිංහ  21, සිනෙත් වීරසූරිය 3/09, හිරාන් දියගම 2/32.

සාන්ත මරියා විද්‍යාලය (A) 90/8 (30.3): කවිඳු ඩයස් 4/30, එම්.ඒ. රයිසාන් 3/16.

තරග ප්‍රතිඵලය: පැරබෝලා ක්‍රමයට අනුව ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 41 ජයක්


හලාවත සාන්ත මරියා විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය

පළමු පෙළ F කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුන මේ තරගය දෙමටගොඩ දී පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලයට එදිරිව සාන්ත මරියා විද්‍යාලය ලකුණු 148ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලය කඩුලු 7ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේය.

එහි දී සචින්ත අශාන් ගුරුකුල විද්‍යාලය වෙනුවෙන්  ලකුණු 31*ක් ලබා ගන්නා ලදි. සාන්ත මරියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චාරුක තරිඳු ලකුණු 64ක් ලබාගත් අතර පන්දු යැවීමෙන් කඩුලු 2ක් ද දවාලන ලදි.

සාන්ත මරියා විද්‍යාලය (A) 148 (48): චාරුක තරිඳු 64, එදිරි මල්ෂාන් 27, ප්‍රවීන් නිමේෂ් 3/32, රශ්මික මෙවන් 2/09, නුවන්ත මදුශාන් 2/25.

ගුරුකුල විද්‍යාලය (A) 149/7 (46.5): සචින්ත අශාන් 31*, කෙමිර නයනතරු 25, ප්‍රවීන් නිමේෂ් 25, අකෙත් පෙරොෂ් 4/26, තරුක තරිඳු 2/45.

තරග ප්‍රතිඵලය: ගුරුකුල විද්‍යාලයට කඩුලු 3ක ජයක්


කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී ආනන්ද ශාස්ත්‍රාලය පිතිකරුවන්ව ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට මාරිස් ස්ටෙල්ලා පන්දු යවන්නන් සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශාස්ත්‍රාල ලකුණු සටහන ලකුණු 41කට සීමා කිරීමට සෙනාෂ් ප්‍රනාන්දු ප්‍රමුඛ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. පිළිතුරු ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පන්දුවාර 7යි පන්දු 3ක් තුළ ඔවුන්ට ලැබුණු ඉලක්කය සාර්ථකව හඹා ගියේය. තරගය කටාන නිදහස් පිටියේ දී පැවැත්විණි.

ආනන්ද ශාස්ත්‍රාලය 41 (28.5): සෙනාෂ් ප්‍රනාන්දු 4/15.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 45/3 (7.3): තරිඳු මදුවන්ත 18, එන්. ද. සිල්වා 2/14.

තරග ප්‍රතිඵලය: මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට කඩුලු 7ක ජයක්


කළුතර සිරිකුරුස විදුහල හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ මේ තරගය ගොඩිගමුව මහජන ක්‍රීඩාංගණයේ දී නිමාව දිටීය. කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමුව පන්දු යවා සිරිකුරුස විදුහල් ක්‍රීඩකයින් ලකුණු 141කට සීමා කළේය.

එහි දී නිලක්ෂ කසුන් හා වමතින් පිත්ත හසුරුවන සිතුම් සංචන පිළිවෙළින් ලකුණු 29ක් හා ලකුණු 26ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී දියාන් පතිරණ ලකුණු 42කට සිරිකුරුස විද්‍යාලයීය කඩුලු 3ක් දවා ගන්නා ලදි. සාන්ත ජෝසප් වාස් විද්‍යාල ඉනිමේ පන්දුවාර 5ක් අවසානයේ ඔවුන් ලකුණු 27ක් ලබාගෙන සිටින විට  තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එතැන් සිට තරගය අවසානය දක්වා පැවැත්වීමට නොහැකි විය.

සිරිකුරුස විදුහල 141 (47.4): නිලක්ෂ කසුන් 29, සිතුම් සංචන 26, දියාන් පතිරණ 3/42, ධනුක නිර්මාල් 2/09.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 27/2 (5):

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්


කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

F කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මේ තරගය ඩී. එස්. සේනානායක විද්‍යාලය A කණ්ඩායම කඩුලු 9කින් මහානාම විද්‍යාල A කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් විය.

මත්තේගොඩ යුද හමුදා පිටියේ කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. දකුණතින් මඳ වේග පන්දු යවන සසික චන්දිර ලකුණු 23කට කඩුලු 5ක් දවාලමින් සිය පන්දුවාර කිහිපය අවසන් කළ නිසා මහානාම A විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 75ක් පමණි. පිළිතුරු ඉනිම දියත් කළ ඩී. එස්. සේනානායක කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 3ක් තුළ සිය ජයග්‍රහණයේ රේඛාව පසුකොට ගියේ අමිත දාබරේගේ පිතිකරණය ද සවියක් කරගෙනයි.

මහානාම විද්‍යාලය (A) 75 (31.2): සසික චන්දිර 5/23, අමිත දාබරේ 2/14.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (A) 76/1 (11.3): අමිත දාබරේ 40*, ටිරෝන් බාස්කරන් 28*

තරග ප්‍රතිඵලය: ඩී. එස්. සේනානායක විද්‍යාලයට කඩුලු 9ක ජයක්


මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

දුලාජ් බණ්ඩාරගේ (50*) අර්ධ ශතක ඉනිම නිසාවෙන් වර්ණවත් වූ මේ තරගය ධර්මරාජ විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දීමට තණතීරුව මතට අවතීර්ණ වූ විද්‍යාර්ථ විද්‍යාල ක්‍රීඩකයින් සිය ඉනිමට තිත තබා ගත්තේ ලකුණු 82ක් ලබාගෙන සිටිය දී ය. එහි දී තුෂාන් හේරත් හා උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

H කාණ්ඩය යටතේ පැවැත්වුණු මේ තරගයේ දෙවනුව පන්දුවට පහර දුන් සත්කාරක ධර්මරාජ ක්‍රීඩකයින් පන්දුවාර 14යි පන්දු 3ක් තුළ සිය ජයග්‍රහණය ලබා ගන්නා ලදි. ජනිත් ගුණතුංග නොදැවී ලකුණු 27*යි.

විද්‍යාර්ථ විද්‍යාලය (A) 82 (31.4): කවිෂ්ක තෙන්නකෝන් 28, තුෂාන් හේරත් 3/09, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/37, දුලාජ් බණ්ඩාර 2/07, යසිත් සමරරත්න 2/11.

ධර්මරාජ විද්‍යාලය (A) 83/1 (14.3): දුලාජ් බණ්ඩාර 50*, ජනිත් ගුණතුංග 27*.

තරග ප්‍රතිඵලය: ධර්මරාජ විද්‍යාලයට කඩුලු 9ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<