13 වැනි රන් මහා සටනේ නායකයින් අදහස් දක්වයි

228

කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන “රන් මහා සංග්‍රාමයේ” 13 වැනි දිගහැරුම මාර්තු මස 29 සහ 30 පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන අතර අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරගය අප්‍රේල් මස 6 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

දිනූෂගේ ශතකය අපතේ දමා සීවලී ක්‍රීඩකයෝ රන්මිණි සටන දිනයි

පැල්මඩුල්ල, ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ …..

පසුගිය වසරේ පැවති රන් මහා සංග්‍රාමය ජය-පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එක්දින තරගය ජයග්‍රහණය කිරීමට මහානාම විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය.

13 වැනි රන් මහා සංග්‍රාමයේ සඳහා මෙවරත් සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරනු ලබයි. ඊට අමතරව දම්රෝ, ප්‍රීමා ඇතුළු තවත් ආයතන කිහිපයක් මීට අනුග්‍රාහකත්වය දක්වනු ලබයි.

>>Video – වැරදි අවම කරගෙන ඉදිරියට යාමට සැරසෙන – ඩී. එස්. සේනානායක විද්‍යාලය 2018/19 Preview<<

මහා සංග්‍රාමයේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (13) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්විය. ඩී. එස්. සේනානායක කණ්ඩායමේ නායක දකුණත් පිතිකරු පසිඳු ආධිත්‍ය මෙවර තරගාවලියේ ලකුණු 500 සීමාව පසුකර තිබෙන ක්‍රීඩකයෙක්. ඔහු ThePapare.com හමුවේ මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“මේක මට මගේ කණ්ඩායමට, මගේ පාසලට ඉමහත් අභිමානයක් ගෙන එන දිනයක්. තරග ජයග්‍රහණයට වඩා කණ්ඩායම් දෙකම සහෝදරත්වයෙන් ක්‍රීඩා කිරීම තමා ගොඩක් වටින්නේ, කණ්ඩායම සමඟ ඉතාමත් හොඳින් හා හොඳ ජීවගුණයක් පවත්වා ගෙන ක්‍රීඩා කරලා ඩී. එස්. සේනානායක විද්‍යාලයට ජය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

>>Photos: Battle of Gold 2019 – Press Conference<< 

පළමු වතාවට මහානාම ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන, වමතින් පිතිකරණයේ නිරත වන පැතුම් බොතේජු ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් මෙවර තරග වාරයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කර ඇති බවත්, පසුගිය වසරේ දෙදින මහා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් මෙවර සැලැස්මකට අනුව ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බවයි.

මේ රන් මහා සටනේ ඉතිහාසය 2006 වසර දක්වා විහිදී යන අතර මේ දක්වා පවත්වා තිබෙන දෙදින මහා ක්‍රිකට් තරග 12 අතරින් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඩී. එස්. සේනානායක විදුහලයි. එසේම අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරග ඉතිහාසය සලකා බැලූ කළ තරග 7ක් ජය ගනිමින් මහානාම විද්‍යාලය ඉදිරියෙන් සිටී. ඊට අමතරව තවත් එක් එක්දින තරගයක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.

>>Video – අත්දැකීම් පෙරදැරි කරගත් මහානාම පුතුන් – 2018/19 Preview<<

මාධ්‍ය හමුව සඳහා මහානාම විද්‍යාලයීය විදුහල්පති කුසල ප්‍රනාන්දු මහතා හා ඩී. එස්. සේනානායක විද්‍යාලයීය විදුහල්පති චානක බමුණුආරච්චි, ඩයලොග් ආසිආටා ආයතනයේ නිලධාරි මහත්වරුන් කිහිප දෙනෙක් ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ.

මෙම මහා ක්‍රිකට් තරගයේ සීමිත පන්දුවාර තරගය ThePapare.com හරහා සජීවීව විකාශනය කරන අතර තරග වාර්තා, පෙර විමසුම්, විශේෂ වීඩියෝ, ඡායාරූප ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<