ඩී. එස්. පිළේ අපරාජිත වාර්තාව රැකදෙමින් රන් සටන නිමාවෙයි

1046

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ද්විත්වයක් වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවති 13 වැනි රන් සටන අද (30) නිමා වූයේ ජය පැරදුමකින් තොරවයි. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ වැඩි ගෞරවය මුලින් පන්දුවට පහර දුන් ඩී. එස්. ක්‍රීඩකයින් සතු විය. ඒ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබා ගත් ලකුණු 244ට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් මහානාම මුල් ඉනිම ලකුණු 196කට සීමා වීමත් සමඟයි.

රන් මහා සටනේ වාසිය ඩී. එස් අතට හැරෙයි

දිවයිනේ ප්‍රචලිත පාසල් ක්‍රිකට් මහා තරග අතර ඉදිරියෙන් සිටින කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට මහානාම විද්‍යාලය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 20කි. අද විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් මැද එතැන් සිට ඇරඹුණු තරගය දෙපිළේම දස්කම් මැනවින් ප්‍රකට වූවක් බවට පත්විය.

කෙසේ නමුත් මහානාම පිළට අද ඩී. එස්. ලකුණු පුවරුව පසු කිරීමට නොහැකි වූ මූලික හේතුව බවට පත්වූයේ කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වීමයි. මහානාම ඉනිම ආරම්භ කළ විනුක රූපසිංහ ලකුණු 17කට දැවී යද්දී ඔහුගේ සහය ආරම්භක පිතිකරුවා සේම කණ්ඩායමේ නායකත්වය ද උසුලන පැතුම් බොතේජු ලකුණු 25ක් රැස්කර සිටිය දී දැවී ගියේය.

Photo Album: D.S. Senanayake College vs Mahanama College | 13th Battle of the Golds – Day 2

අංක 3 පිතිකරු ලෙස කටයුතු කළ බිශාන් මෙන්ඩිස්ට මෙවර පාසල් ක්‍රිකට් තරගයේ දී කිසිදු ලකුණු වාර්තා කිරීමට හැකි නොවීය. පවන් රත්නායක ලබා ගත්තේ ලකුණු 16ක් පමණි. කණ්ඩායමේ මුල්පෙළ සාර්ථක නොවූ අවස්ථාවේ ඉනිම ඉදිරියට රැගෙන යන්නට වෙහෙස මහන්සි වූ සොනාල් ගමගේ සහ පවන්ත වීරසිංහ අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගමින් ඒ සඳහා උත්සාහ දැරූව ද එය සාර්ථක නොවීය. ඊට හරස් කැපුවේ තම නායකත්වයේ වගකීම මැනවින් ඉටු කළ ඩී. එස්. නායක පසිඳු ආදිත්‍යයි. තම මද වේගපන්දුවෙන් උපරිම ඵල නෙලා ගත් ඔහු අද ලකුණු 45ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

කළුතර විද්‍යාලයේ කවිඳු නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරයි

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර 61 වැනි වරට පැවති ‘මැංගුස් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ (දෙදින ක්‍රිකට්

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් ගමගේ අද ලකුණු 40ක් රැස් කරද්දී, පවන්ත වීරසිංහ ලකුණු 46ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් මහානාම විද්‍යාලයේ කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් හෝ ඊට වැඩි ගණනක් රැස් කිරීමට ඩී. එස්. පන්දු යවන්නන් කිසිදු ඉඩක් ලබා නොදීම අද මහානාම ඉනිම පන්දුවාර 82යි පන්දු 3ක් අවසානයේ ලකුණු 196කට සීමා වීමට දැඩි ලෙස බලපෑවේය. පන්දු යැවීමේ දී පසිඳු ආදිත්‍යය කඩුලු 3ක් බිඳ හෙලද්දී තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු එක් කඩුල්ල බැගින් දවා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් තම වගකීම ඉටු කළහ.

මේ අනුව මහානාම විද්‍යාලයට වඩා ලකුණු 48ක් ඉදිරියෙන් සිට තම දෙවැනි ඉනිම ඇරඹූ ඩී. එස්. සේනානායක විද්‍යාලය අද සන්ධ්‍යා කාලයේ දී තරගය ජය පැරදුමකින් තොරව නිමා වන විට එක් කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 90ක් ලබා සිටියහ. මුල් ඉනිමට වඩා නිදහසක් භුක්ති විඳිමින් තරමක වේගයෙන් පන්දුවට පහර දුන් ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දුවාර 19යි පන්දු 3ක් පමණි. ඩී. එස්. ඉනිම ඇරඹූ අමිත දාබරේ අද තරගය නිමා වීමට මොහොතකට පෙර තම අර්ධ ශතකය සපුරා ගැනීමට ද සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය සුපිරි තරගයක් දී ගොඩ යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර තරගාවලියේ

මීට අමතරව අභිෂේක් ලියනාරච්චිට ලකුණු 30ක් ලබා සිටිය දී පිටිය හැර යාමට සිදු වූයේ අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසු වෙමිනි. මේ දක්වා විද්‍යාල දෙක අතරේ පැවති මහා ක්‍රිකට් තරග අතුරින් පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2014 දී ඩී. එස්. සේනානායක විද්‍යාලය පමණි. ඉතිරි සියලුම තරග නිමා වී ඇත්තේ ජය පැරදුමකින් තොරවයි. ඒ අනුව මෙවරත් ගෙවුණු දින දෙක පුරාවට ඉතාමත් ඉහළ දස්කම් දැක්වූ ඩී. එස්. සේනානායක විද්‍යාලය තම අපරාජිත තරග වාර්තාව සුරැකිව තබා ගැනීමට සමත් වූහ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 244 (පන්දුවාර 84.2) ශනෙල් බාස්කරන් 66, සඳරු වික්‍රමරත්න 56, මනින්ද්‍ර ජයතිලක 38, අමිත දාබරේ 36, ලහිරු විතාන 3/52, සොනාල් ගමගේ 2/56.

මහානාම විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 196 (පන්දුවාර 82.3) පවන්ත වීරසිංහ 46, සොනාල් ගමගේ 40, පැතුම් බොතේජු 25, පසිඳු ආදිත්‍ය 3/45.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 90 (පන්දුවාර 19.3) අමිත දාබරේ 50*, අභිෂේක් ලියනාරච්චි 30.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<