ආසියාවේ ශක්තිවන්තයින් තෝරන තරගාවලියක් මෙරටදී

790

ආසියානු කඹ ඇදීමේ සංගමයේ සහ දකුණු ආසියානු කඹ ඇදීමේ සංගමයේ අනුදැනුම මත ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය සංවිධානය කරනු ලබන “13 වැනි ආසියානු කඹ ඇදීමේ තරගාවලිය” සහ “3 වන දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලිය” මෙම වසරේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇත. තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 15 වැනිදා සහ 16 වැනිදා කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කඹේ දිග/කොට නොතකා “යුද්ධ කරන්න!”

කඹ ඇදීම, සාමාන්‍යයෙන් දේශපාලනයේ දී, එසේත් නැත්නම් පරිපාලනයේ දී අසන්නට ලැබෙන වචනයක්. ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සවවල ප්‍රකට අංගයක් වන කඹ…

මෙවර තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, තායිලන්තය, ඇෆ්ගනිස්තානය සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වේ. එහි දී කාන්තා, පිරිමි සහ මිශ්‍ර යන අංශ ත්‍රිත්වය යටතේ තරග පැවැත්වේ. කි. ග්‍රෑ. 540 බර පන්තිය යටතේ කාන්තා අංශයේ ද, කි. ග්‍රෑ. 640 බර පන්තිය යටතේ පිරිමි අංශයේ ද, කි. ග්‍රෑ. 600 බර පන්තිය යටතේ මිශ්‍ර අංශයේ ද තරග පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු තරග කරයි. මිශ්‍ර තරග ඉසව්වේ දී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකු සහභාගී වේ.

රට වෙනුවෙන් මෙහෙමත් කඹ ඇදිල්ලක්!

දේශපාලනයේදී සහ කාර්යාලයේදී කරන කඹ ඇදීම වගේ නෙමෙයි, ජාත්‍යන්තර කඹ ඇදීමේ ක්‍රීඩාව හරිම ගෞරවනීයයි.

තරගාවලි ද්විත්වයට සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කඹ ඇදීමේ සංචිතය

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – පී. කේ. රූපසිංහ, ඒ. කේ. චන්ද්‍රසිරි, එන්. ජේ. කුමාර, ජී. ඩී. ගුණවර්ධන, ඩී. එන්. කුමාර, ජී. ඩී. අබේනායක, එම්. ජේ. තිලකරත්න, ජී. එස්. අරවින්ද, ඒ. එස්. සෙනරත් බණ්ඩාර, ඒ. කේ. දසනායක.
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – ඩී. කේ. කලුආරච්චි, එන්. කේ. ජයරත්න, කේ. එම්. කරුණාදාස, එල්. ආර්. බණ්ඩාර, ඒ. එන්. ප්‍රේමරත්න, ජී. එස්. මනෝහර, ටී. ආර්. ඇලන්, එස්. ඩී. නානායක්කාර.
  • පොලිස් ක්‍රීඩා සමාජය – පී. කේ. දිසානායක, එච්. ඒ. රවීන්ද්‍ර, ඒ. අයි. මදුසංක, එස්. අයි. කුමාර, පී. එස්. තනුක, ජී. එම්. ප්‍රේමරත්න.
  • හිඩ්න් පවර් ක්‍රීඩා සමාජය, වේයන්ගොඩ – ඒ. ඒ. තිසර
  • සුසිත ක්‍රීඩා සමාජය, ගනේමුල්ල – එස්. පී. ජයතිලක
  • ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය, පූගොඩ  – පී. ටී. පෙරේරා

Photos: Western Province Tug-of-War selections

තරගාවලි ද්විත්වයට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කඹ ඇදීමේ සංචිතය

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – එන්. කේ. ජයවර්ධන, ආර්. ඩී. කුමාරි, කේ. එම්. වීරසිංහ, එන්. එන්. ශ්‍රීලාල්, ආර්. කේ. රත්නායක, එම්. එස්. ගමගේ, පී. පී. දර්ශනී, ටී. සී. ප්‍රියදර්ශනී, ජී. එස්. ලක්මාලි, එම්. එස්. පියුමාලිකා, එස්. එම්. බණ්ඩාර, ඩී. එම්. දසනායක, ඒ. සකුන්තලා, ඩබ්. එන්. ප්‍රේමතිලක, එම්. ඒ. නිශාදි.
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – එස්. ඩී. ද සිල්වා, අයි. යූ. සේනාරත්න, ජී. එම්. රාජපක්ෂ.
  • පොලිස් ක්‍රීඩා සමාජය – පී. ඒ. පුෂ්පකුමාරි, එච්. ජී. දිසානායක, එම්. එස්. සෙනරත්.
  • කටුබැද්ද ක්‍රීඩා සමාජය – එම්. ඩී. රත්නායක, අයි. එස්. පෙරේරා, ඩී. ඩී. සඳමාලි.
  • භාතිය ක්‍රීඩා සමාජය, අනුරාධපුරය – ඒ. ඩී. මහේෂිකා, ජී. ජී. මදුෂිකා
  • ගාල්ල ක්‍රීඩා සමාජය – ජී. යූ. කුමාරි
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – එස්. පී. වික්‍රමසිංහ
  • ප්‍රධාන පුහුණුකරුවන් – එස්. කේ. එදිරිසිංහ, ජේ. එන්. කුමාර (ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය, පූගොඩ).
  • සහය පුහුණුකරුවන් – ජී. ආර්. මෙරිල් (යුධ හමුදා ක්‍රීඩා සමාජය), එස්. එස්. හේවගේ (භාතිය ක්‍රීඩා සමාජය, අනුරාධපුරය), ඒ. ඒ. ශාන්ත (නාවික හමුදා ක්‍රීඩා සමාජය), එච්. කේ. බොතේජු (යුනයිටඩ් ක්‍රීඩා සමාජය, උඩුගම්පොළ), මදුසංක කරුණානායක (සුසිත ක්‍රීඩා සමාජය, ගනේමුල්ල), ජේ. ඒ. දිසානායක (යුධ හමුදා ක්‍රීඩා සමාජය).

 

Wikimedia
1912 වසරේ පැවති ඔලිම්පික් උළලේ කඹ ඇදීමේ තරගයක්

ඈත අතීතයේ සිටම මෙරට තුළ කඹ ඇදීමේ තරග පවත්වා තිබූ බවට සාක්ෂි ඇති නමුත් නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස එය ආරම්භ වූයේ 50 දශකයේ දී ය. විශේෂයෙන් මෙරට පවත්වන අවුරුදු උත්සවවල දී කඹ ඇදීමේ තරග යනු නැතුවම බැරි ඉසව්වකි. ආරක්ෂක සේවා අංශවල ඉතාමත් ප්‍රසිද්ධ කඹ ඇදීමේ තරග මේ වන විට දිවයින පුරාවටම ව්‍යාප්ත වෙමින් පවතියි. වර්තමාන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ද ක්‍රීඩා අංගයක් ලෙස පැවැත්වෙන කඹ ඇදීමේ තරග සඳහා ලෝක ශූරතා තරගාවලියක් ද පැවැත්වේ. කඹ ඇදීමේ තරග අතීතයේ දී එනම් 1900 වසරේ සිට 1920 වසර දක්වා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ද පවත්වා ඇත.

එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත 13 වැනි ආසියානු කඹ ඇදීමේ තරගාවලියේ සහ 3 වැනි දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලියේ තරගවල ඡායාරූප, තරග වාර්තා සහ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<