කවිඳුගේ අර්ධ ශතකය නිසා රාජකීයයෝ නූලෙන් බේරෙයි

215

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පසුගිය 9 වැනිදා  ආරම්භ වූ 139 වන නිල් මහා සටන අද (11) SSC පිටියේ දී 70 වන වරටත් ජය පරාජයෙන් තොරව නිමා විය. මෙම තරගයේ දී දුලිත් ගුණරත්න, ශලින් ද මෙල් හා කවිඳු මදරසිංහ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.

රාජකීයයේ පසිඳු රාජකීය පිතිකරණයක

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර 139 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සංග්‍රාමයේ…

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 3ක් ලබාගෙන සිටියේ රාජකීය විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 12ක් පසුපසින් සිටිමිනි.

ශලින් ද මෙල් හා එක්වූ දුලිත් ගුණරත්න සාන්ත තෝමස් විද්‍යාල ඉනිම සවිමත් කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 107ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එම සබඳතාවය නිමා කරමින් 4 පහර 5ක් සමඟ ලකුණු 57ක් ලබාගෙන සිටි ශලින්, පිතිකරුවන් දෙදෙනා අතර ඇතිවූ සන්නිවේදනයේ දුර්වලතාවයක් නිසා දුවද්දී දැවී ගියේය.

අනතුරුව පිටියේ එක්වූ දුලිත් හා වමතින් පිත්ත හසුරුවන සිතාර හපුහින්න රාජකීය විද්‍යාලය සතුව තිබූ තරගයේ පාලනය ක්‍රමයෙන් සාන්ත තෝමස් විද්‍යාලයට හරවා දුන්නේ දෙවන කඩුල්ලට ලකුණු 43ක සබඳතාවයක් එක් කරමිනි. අවසානයේ 4 පහර 8ක් සමඟ ලකුණු 59ක් ලබාගෙන සිටි දුලිත් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු මදුසංකගේ පන්දුවකට දැවී ගියේය.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිමේ සටහන් වූ දෙවන දුවද්දී දැවී යාමට හසු වූයේ ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමින් අගනා පිතිකරණයක නිරත වූ සිතාර හපුහින්නයි. ඔහු දැවී යන විට පන්දු 42ක දී ලකුණු 47ක් ලබාගෙන සිටියේ වර්ණවත් 4 පහර 6ක් සමඟිනි. සාන්ත තෝමස් විද්‍යාලයේ අවසන් කඩුලු 3 ලකුණු 26ක් තුළ දවා ගැනීමට මනුල පෙරේරා ඇතුළු රාජකීය පන්දු යවන්නන් සමත් විය.

මොරටු මහා රන් සටනේ සීමිත පන්දුවාර තරගයේ ජය සෙබස්තියානුවන්ට

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 33 වන වරටත් පැවති මොරටු මහා…

අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 227ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක මනුල ලකුණු 45කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජකීය විද්‍යාල ආරම්භක පිතිකරුවන් යුගලයම ලකුණු 29ක් ලෙස රාජකීය ලකුණු පුවරුව සටහන් වෙද්දී  ක්‍රීඩාගාරයට හරවා යැවීමට පවිත් රත්නායක හා කළණ පෙරේරා සමත් විය.

අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් හටද සාන්ත තෝමස් විද්‍යාල දඟපන්දු යවන්නන් හමුවේ එතරම් දුරකට දස්කම් දැක්වීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස පසිඳු සූරියබණ්ඩාර ඇතුළු තවත් ප්‍රබල කඩුලු 2ක් රාජකීයන්ගෙන් උඳුරා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය.

ලකුණු 60ක් තුළ රාජකීය විද්‍යාලයේ කඩුලු 5ක් දැවී අසීරු අඩියක සිටි නමුත් 6 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වූ තෙවිඳු සේනාරත්න හා කවිඳු මදරසිංහ එම කඩුල්ලට ලකුණු 56ක සබඳතාවයක් එකතු කරමින් රාජකීය විද්‍යාලය තරගයේ උද්යෝගී බව තවදුරටත් රැකගැනීමට සමත් විය. එම සබඳතාවය අවසන් වූයේ තෙවිඳු සේනාරත්නගේ දැවී යාමත් සමඟයි.

කුසල්ලාගේ සිහින රහීම්ගේ ප්‍රහාරයෙන් සුනුවිසුනු වෙයි

තරගය ජය ගැනීමට සඳහා වෙනසක් අත්‍යවශ්‍ය වූ මෙම තරගයේ දී තමීම් ඉක්බාල් සමඟ ඉනිම කිරීමට උසස්වීමක්…

දිනය අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නවතා දමන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි මදරසිංහ ලකුණු 58*ක් ලබාගෙන සිටියේ 4 පහර 9ක් සිය ගිණුමට අන්තර්ගත කරමිනි. මනුල පෙරේරා 9*යි. පන්දු යැවීමේ දී ඩෙලන් පීරිස් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 166/9d (64.3): සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 5/43.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 178 (75): පසිඳු සූරියබණ්ඩාර 46, කවිඳු මදරසිංහ 37,  තෙමාල් බණ්ඩාර 23, කළණ පෙරේරා 5/56, ඩෙලන් පීරිස් 4/40.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 227/6d (61): දුලිත් ගුණරත්න 59, ශලින් ද මෙල් 57, සිතර හපුහින්න 47, මනුල පෙරේරා 2/45.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 143/6 (42): කවිඳු මදාරසිංහ 58*, තෙවිඳු සේනාරත්න 24, කමිල් මිශාර 22,  ඩෙලන් පිරිස් 3/50.

  • තරගයේ වීරයා – කවිඳු මදරසිංහ (රාජකීය විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – දුලිත් ගුණරත්න (සාන්ත තෝමස් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – මනුල පෙරේරා (රාජකීය විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – ශලින් ද මෙල් (සාන්ත තෝමස් විද්‍යාලය)

කෙසේ නමුත් අවසන් වරට තරගය ජයග්‍රහණය කර ඇත්තේ රාජකීය විද්‍යාලය නිසාවෙන් ඩී. එස්. සේනානායක සමරු අභියෝගතා පළිහ නැවතත් රාජකීය විද්‍යාලයටම හිමි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<