ශමිල් සහ මිහිලියා ශූරයන් වු ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශුරතාවලිය

312

26වැනි ජාතික කණිෂ්ඨ ස්කොච් ශූරතාවලිය පාසල් ස්කොච් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. තරගාවලියේ තරග වයස අවුරුදු 9 පහළ, 11 පහළ ,13 පහළ ,15 පහළ ,17 පහළසහ 19 පහළ කාන්තා හා පිරිමි ඉසව් යටතේ තරග සංවිධානය වි තිබුණි.

19 පහළ පිරිමි ස්කොච් අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ රාශේන්ද්‍ර රාජරත්නම් තරග වට 3-0 ලෙස පරාජය කළ කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයේ ශමිල් වකිල් කණිෂ්ඨ ස්කොච් ශුරතාව තමන් සතු කරගන්නට සමත් විය. වයස අවුරුදු 19 පහළ කාන්තා ස්කොච් අවසන් මහ සටනේදී බම්බලපිටිය ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ ෆාතුම් ඉසඩීන් තරග වට 3-0 ලෙස පරාජය කළ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මිහිලියා මෙත්සරණි කණිෂ්ඨ ස්කොච් ශූරිය ලෙස සම්මාන ලැබිය. ඇය2012, 2013 සහ 2014 වර්ෂ වලද ස්කොච් ශුරිය විම විශේෂත්වයකි.

නැගී එන ස්කොච් ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ හේෂාන් බාලසුරිය සම්මාන ලැබු අතර නැගී එන ස්කොච් ක්‍රීඩිකාව ලෙස බම්බලපිටිය ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ සමීරා ඩින් සම්මාන ලැබිය. වයස අවුරුදු 9 පහළ ස්කොච් ශුරයා ලෙස හිරුණ කොරළගේත් ශුරිය ලෙස ඒ.ගුණසේකර ත් තේරි පත් විය. වයස අවුරුදු  11 පහළ ස්කොච් ශූරයා ලෙස සිනෙත් පෙරේරා ත් ශුරිය ලෙස මහිත්මා සිනාලිත් සම්මාන ලැබිය. වයස 15 පහළ ශුරයා ලෙස හේෂාන් බාලසුරියත් ශුරිය ලෙස සමිරා ඩීන් සහ වයස අවුරුදු 17 පහළ ස්කොච් ශුරයා ලෙස දාවින්ක පෙරේරා ත් ශුරිය ලෙස සදුනි ගුණවර්ධනත් සම්මානයට පාත්‍ර විය.

තරගාවලියේ ජය සංකේත සහ  ත්‍යාග ප‍්‍රධානෝත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සිලෝන් බිස්කට් සමාගමේ ජාතික අලෙවි කළමනාකරු කි‍්‍රෂාන්ත විලත්ගමුව මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්  සහභාගි විය.