පළමු ඉනිමෙන් සෑහීමකට පත් වූ තරග දෙකක්

206

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) අවසන් වූ තරග තුනක දී පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් වාර්තා කිරීමට සාන්ත පීතර සහ ආනන්ද විද්‍යාල සමත් වෙද්දී අනෙක් තරගය වූ සාන්ත ජෝසප් සහ රාජකීය විද්‍යාල සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

රසාංජන හා මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් අතරට

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) ක්‍රියාත්මක විය.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

බම්බලපිටියේ දී ඊයේ අවසන් වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත පීතර ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 330ක් ලබා ගෙන ඉනිම අත් හිටවූහ. ඊට පිළිතුරු ලෙසින් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 203ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් විනුජ රණසිංහ (60) අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

ලකුණු 127ක් ද අතැතිව දෙවැනි ඉනිමට පිටියට පිවිස සාන්ත පීතර ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටිය හ. එහි දී දිනිත් අංජුල නොදැවී ලකුණු 67ක් ලබා සිටියේ ය.

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 330 (84) සංතුශ් ගුණතිලක 123, රන්මිත් ජයසේන 88, බානුක ද සිල්වා 41, දිනිත් අංජුල 23, කලණ සන්දීප 2/57

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (79.3) විනුජ රණසිංහ නොදැවී 60, නුවනිඳු ප්‍රනාන්දු 43, ටාසික් පෙරේරා 39, ටාරික් සබූර් 2/30, සංතුශ් ගුණතිලක 2/32, ශිවාන් පෙරේරා 2/52

සාන්ත පීතර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 99 (29) දිනිත් අංජුල නොදැවී 67

ප්‍රියමාල් පෙරේරා දෙවැනි ද්විත්ව ශතකයත් රැස් කරයි

දිනෙන් දින උණුසුම් වෙන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට අද (12) ප්‍රියමාල්…

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

කොළඹ 10, සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම ලිපියේ පළමු කොටසට පිවිසෙන්න

කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබාගෙන ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව බාර කළ අතර ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 240ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූහ.

එම ඉනිම වෙනුවෙන් දිනෙත් ජයකොඩි (73) සහ ශෙරාන් ෆොන්සේකා (53) අර්ධ ශතක ලබා ගත් හ.

අනතුරුව පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 98ක් ලබා සිටිය හ.

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 240 (98) භාග්‍ය දිසානායක 88, පසිඳු සූරියබණ්ඩාර 63, කෞෂාන් කුලසූරිය 26, සාලින්ද සෙනෙවිරත්න 6/83, අශේන් ඩැනියෙල් 2/62

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම පළමු ඉනිම කඩුලු 8ක් දැවී 240 (66) ශෙරාන් ෆොන්සේකා 53, දිනෙත් ජයකොඩි 73, කෞෂාන් කුලසූරිය 2/44, ඉෂාන් බාලසූරිය 2/71

රාජකීය විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 98 (39) පසිඳු සූරියබණ්ඩාර නොදැවී 47, කවිඳු පතිරත්න නොදැවී 42, සාලින්ද සෙනෙවිරත්න 3/45

වසර 33කට පසු ශ්‍රී ලංකා යෞවනයෝ ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති යොවුන් ටෙස්ට් තරගය අද (12) නිමාව දුටුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට…

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය

කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ පැවති මෙම තරගයෙන් ආනන්ද විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද නායකයා තම කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගනිමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 354ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් වෙස්ලි විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 259ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් කාවින්දන පෙරේරා ලකුණු 95ක් ලබා ගත්තේ ය.

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (111.4) මෝදිත රණතුංග 84, කළණ විජේසිරි 75, සුදීප අඟුළුගහ 40, කමේෂ් නිර්මාල් 38, දමින්ද රෙශාන් 25, ජනිඳු ජයවර්ධන 43, ලක්ෂිත අමරසේකර 28, තෙනුක පෙරේරා 5/114, සහිල් ඩයස් 3/45

වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 259 (73.2) කාවින්දන පෙරේරා 95, තිසුරක අක්මීමන 26, බුද්ධිම විජේසුන්දර 20, දමින්ද රෙෂාන් 2/37, ලක්ෂිත අමරසේකර 3/46, චාමික ගුණසේකර 2/53, ජනිඳ ජයවර්ධන 2/68

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<