බ්ලූ ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි

291

අගනුවර ප්‍රධාන පාසලක් ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලය 12 වැනි වරටත් වාර්ෂිකව සංවිධානය කරන “බස්නාහිර පළාත් බ්ලූ ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ වොලිබෝල් තරගාවලිය” ඊයේ (09) ගුවන් හමුදා කාණ්ඩ නායක, ආදී රාජකීයයෙකු වන පද්මන් ද කොස්තා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජකීය විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය.

12 වන රාජකීය වොලිබෝල් තරගාවලිය මේ සති අන්තයේ

12 වැනි වතාවටත් පැවැත්වෙන ‘ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ’ බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් ශූරතාවලිය එළඹෙන ජුනි 9 වැනිදා හා 10 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා…

බස්නාහිර පළාතේ පාසල් 46ක් තරගාවලිය සඳහා සහභාගී වූ අතර එහි දී වයස අවුරුදු 14න් පහළ, 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ ලෙස වයස් කාණ්ඩ 4ක් යටතේ බාලක අංශයේ තරග පැවැත්වෙන අතර බාලිකා අංශයේ වයස අවුරුදු 20න් පහළ කාණ්ඩය යටතේ පමණක් පැවැත්වේ.

තරගාවලිය ආරම්භ කරමින් වයස අවුරුදු 16න් පහළ බාලක අංශයේ පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලය හා හංවැල්ල රාජසිංහ විද්‍යාලය තරග වැදුණි. එහි දී ලකුණු 22-25ක් හා 21-25ක් ලෙස වට 2-0කින් ජය ගැනීමට රාජසිංහයන් සමත් විය.

ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරගය වයස අවුරුදු 20න් පහළ බාලිකා අංශයේ පානදුර අගමැති බාලිකා විද්‍යාල A කණ්ඩායම සහ මාලඹේ රාහුල බාලිකා විද්‍යාල B කණ්ඩායම අතර පැවැත්විය. එහි දී 25-20ක් හා 25-17ක් ලෙස වට 2-0කින් ජයගෙන අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට අගමැති බාලිකා A කණ්ඩායම සමත් විය.

ඉන්පසු රාජකීය විද්‍යාලයේ B කණ්ඩායම හා ආනන්ද විද්‍යාලයේ A කණ්ඩායම අතර පැවති වයස අවුරුදු 16න් පහළ බාලක පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක රාජකීයයන්ව ලකුණු 21-25 ක් හා 10-25 ලෙස වට 2-0කින් පරාජය කිරීමට ආනන්ද විදුහල් කණ්ඩායම සමත් විය.

ඉන්පසු පැවතියේ පානදුර අගමැති බාලිකා විදුහල් B කණ්ඩායම හා කාහේන බොරලුගොඩ බාලිකා විද්‍යාල කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරගයයි. එහි දී ලකුණු 14-25ක් හා 08-25 ලෙස අගමැති බාලිකාවන් පරදවා කාහේන බාලිකාවන් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.

ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩිකාවන් නිතරගයෙන් තවත් අර්ධ අවසන් පූර්ව තරගයකින් ජය ලබා අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.

තරගාවලියේ අවසාන දිනය වන අද (10) දිනයේද අනෙකුත් අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වීමට සංවිධාන මඩුල්ලට සිදු වූයේ අයහපත් ආලෝක තත්ත්වයන් හමුවේය. සියලු වයස් කාණ්ඩවල අවසාන මහා තරග රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<