ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක් තායිපේ නුවරට

383
Asia league athletic

ආසියානු ලීග් මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස තායිපේ හි දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් 12 දෙනෙකු‍ගෙන් යුත් කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබේ.

ක්‍රීඩාවේ විශිෂ්ටයින්ට මෙවරත් ජනාධිපති සම්මාන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව පසුගිය වසරේ ආරම්භ කළ “ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල” දෙවැනි වරටත්..

බණ්ඩ‍ාර ගුණවර්ධනගේ කණ්ඩායම් කළමනාකාරිත්වය යටතේ සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 7 දෙනෙකුත් ක්‍රීඩිකාවන් 5 දෙනෙකුත් නම් කර ඇති අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රදීප් නිෂාන්ත මහතා නම් කර තිබේ.

මෙම ආසියානු ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු අදියර 24 වැනිදා ආරම්භ වන අතර 27 වැනිදා දෙවන අදියර ආරම්භ වේ. 30 වැනිදා ශූරතාවලියේ තෙවැනි අදියර ක්‍රියාත්මක වීමට නියමිතයි.

මීට අමතරව ඊයේ (30) පිලිපීනයේ දී ආරම්භ වූ විවෘත ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ලක් මවට ගෞරවයක් ගෙන ඒමට අමිල ජයසිරි සමත්විය. එ් දුර පැනීමේ ඉසව්වට සහභාගී වෙමින් මීටර් 7.83ක දුරක් සටහන් කර රන් පදක්කමක් හිමි කර ගනිමිනි. මීටර් 7.82ක දුරක් සටහන් කරමින් පළමු උත්සහයේ සිටම ඉදිරියෙන් සිටීමට ඔහු සමත් විය.

මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් අමිල ජයසිරි (දුර පැනීම), නිමාලි ලියනාරච්චි (මීටර් 800), සංජය ජයසිංහ (තුන් පිම්ම) හා මංජුල කුමාර ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර එම කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු ලෙස සුජිත් නිශාන්ත මහතා කටයුතු කරනු ලැබීය.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

හිමාෂ එෂාන් (මීටර් 100), අජිත් ප්‍රේමකුමාර (මීටර් 400), ඉඳුනිල් හේරත් (800), මංජුල කුමාර (උස පැනීම), සංජය ජයසිංහ (තුන් පිම්ම), සුමේධ රණසිංහ (හෙල්ල), වරුණ ලක්ෂාන් (හෙල්ල), රුමේෂිකා රත්නායක (මීටර් 100), නිමාලි ලියනාරච්චි (මීටර් 400, 800), ගයන්තිකා අබේරත්න (මීටර් 400, 800), තරංගා විනෝදනී (උස පැනීම), තාරිකා ප්‍රනාන්දු (යගුලිය),

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට