ආසියානු යොවුන් ශූරතාවලිය‍ට 12ක්

244

මැයි මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිත දෙවන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර ඇත.

ජාතික මහා ක්‍රීඩා උළෙල රත්නපුරෙන් මාතරට

රත්නපුරය කේන්ද්‍ර කර ගනිමින් (සබරගමුව පළාත) පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මහා ක්‍රීඩා උළෙල එහි නොපැවැත්වෙන බවත් ඒ වෙනුවට එය මාතර දී පැවැත්වෙන බවත් ක්‍රීඩා අමාත්‍යංශය තහවුරු කරන ලදි.

ඒ අනුව නම් කර ඇති කණ්ඩායමට ක්‍රීඩකයින් 09 දෙ‍නෙක් හා ක්‍රීඩිකාවන් 3 දෙනෙකු ඇතුළත් වේ. එම 12 දෙනා අතරින් තිදෙනෙකු මේ වසර අවසානයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. ඒ බාධක මතින් දිවීමේ ක්‍රීඩිකා අශ්මිකා හේරත්, මීටර් 400 කඩුලුමතින් දිවීමේ ක්‍රීඩක නවෝද් සංකපාල සහ මීටර් 400 ධාවක රවිශ්ක ඉන්ද්‍රජිත් යන අයයි.

මෙවර තායිලන්තයේ දී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී හර්ෂ කරුණාරත්න, ශාලික සන්තුෂ් වීරසිංහ සහ රවිෂ්ක ඉන්ද්‍රජිත් යන ක්‍රීඩකයින් පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා ගත හැකි බවත් අවම වශයෙන් පදක්කම් 5ක් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට දිනා ගත හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අපේක්ෂාව වේ.

පසුගිය වසරේ පැවති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 4ක් දිනා  ගැනීමට හැකි විය. එහි දී මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට යමානි දුලංජනී සමත් වූ අතර උස පැනීමේ ඉසව්වෙන් රොෂාන් ධම්මික, තුන්පිම්ම ඉසව්වෙන් චමල් කුමාරසිරි හා දර්ශණ රාජපක්ෂ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් ද පදක්කම් දිනා ගන්නා ලදි.

12 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ පිරිමි කණ්ඩායම භාර පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ අමිල ප්‍රසන්න මහතා යි. ඊ‍ට අමතරව කණ්ඩායම් කළමනාකරු ලෙස සුසන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර ඔහු පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කලක් කටයුතු කර තිබේ.

කාන්ත කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කරනු ලබන්නේ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ පුහුණුකාරීත්වය දරණ ඒ. ඩී. නන්දාවතී මහත්මිය යි.

පිරිමි කණ්ඩායම

නම පාසල තරග ඉසව්ව
සුරාජ් දිනූෂ මොරකැටිය මධ්‍ය විද්‍යාලය 100M
ශාලික සන්තුෂ් සාන්ත බෙනඩික් විද්‍යාලය 200 M
රවිෂ්ක ඉන්ද්‍රජිත් සාන්ත බෙනඩික් විද්‍යාලය 400 M
හර්ෂ කරුණාරත්න ඒ. රත්නායක මධ්‍ය විද්‍යාල 800 M
ෂෙහාන් කාරියවසම් සාන්ත ජෝසප් විද්‍යාලය 110M කඩුලු මතින් දිවීම
නවෝද්‍ය සංකපාල මහින්ද විද්‍යාලය ගාල්ල 400M කඩුලු මතින් දිවීම
චානුක කස්තුරියාරච්චි සාන්ත තෝමස් විද්‍යාලය උස පැනීම
ප්‍රබෝද් මදුභාෂ් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මීගමුව දුර පැනීම
චාරුක රුක්ෂාන් සාන්ත මේරි විද්‍යාලය හෙල්ල විසිකිරීම

කාන්තා කණ්ඩායම

නම

පාසල

තරග ඉසව්ව

සචිනි දිව්‍යාංජලී ලයිසියම් ජාත්‍යන්තර පාසල 100M, 200M
සදුමින් බණ්ඩාර සාන්ත ජෝසප් විද්‍යාලය කෑගල්ල 400M
අශ්මිකා හේරත් කුලියාපටිය මධ්‍ය විද්‍යාලය 2000M බාධක දිවීම

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට