මෙලනිගේ ප්‍රහාරයෙන් නේපාලයට අසාධ්‍යයි

288

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දෙවන දිනයට අදාළ තරග අද (30) පැවැත්විය. එහි දී ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නේපාලය සමඟින් තරග වැදුණු අතර එම තරගය ලකුණු 136-07ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. 

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ආරම්භයක්

2019 යොවුන් දැල්පන්දු තරගාවලිය අද (29) ජපානයේ දී ආරම්භ විය. ඒ සඳහා සහභාගි වන 12 දෙනෙකුගෙන්…

තරගයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ලබා ගැනීමේ උත්සාහයන් 41ක් දරා තිබූ අතර එයින් අවස්ථාවන් 37ක් සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ මෙලනි විජේසිංහ උත්සාහයන් 38කින් 34ක් සාර්ථක කර ගැනීමට සමත් විය. ඩී. ආර්. සිල්වා තම උත්සාහයන් තුනම සාර්ථක කරගැනීමට සමත් වන විට පළමු කාර්තුවේ දී නේපාලයට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. එය වයි. සී. ලාමා විසින් වාර්තා කළාය. (ශ්‍රී ලංකාව 37 – 01 නේපාලය)

දෙවන කාර්තුව ද ශ්‍රී ලංකාවට සාර්ථක එකක් වූ අතර එහි දී ඔවුන් ලබා ගත් උත්සාහයන් 46න් 42ක්ම සාර්ථක කර ගැනීමට සමත් විය. දෙවන කාර්තුවේ දී ද මෙලනි විජේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර ඇය උත්සාහයන් 42ක් අතරින් 38ක් සාර්ථක කරගත්තාය. සජිනි රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3ක් වාර්තා කළේ උත්සාහයන් 4කිනි. නේපාලය මෙම කාර්තුවේ දී ද වාර්තා කළේ එක් ලකුණක් පමණි. එම ලකුණ ද වයි. සී. ලාමා විසින් වාර්තා කළාය. (ශ්‍රී ලංකාව 79 – 02 නේපාලය)

ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි කාර්තුව ද ප්‍රබල ලෙස තරග කළ අතර එහි දී ඔවුන් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් විය. මෙලනි විජේසිංහ සුපුරුදු ලෙස ලකුණු ලබා ගත් අතර එම ලකුණු සංඛ්‍යාව 34කි. ඒ සඳහා ඇය උත්සාහයන් 38ක් දරා තිබුණි. නේපාලය මෙම කාර්තුවේ දී එක් ලකුණක් හෝ වාර්තා කළේ නැත. (ශ්‍රී ලංකාව 116 – 02 නේපාලය)

යොවුන් දැල්පන්දු තරගාවලිය යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රි ලංකා දැල්පන්දු සම්මේලනය (Netball Federation of Sri Lanka- NFSL) විසින් මෙම වසරේ ජපානයේ…

සිව්වැනි හා අවසන් කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ලකුණු ලබාගැනීම තරමක් අඩුවුව ද ලකුණු 20ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ සඳහා ඔවුන් දැරූ උත්සාහයන් සංඛ්‍යාව 22කි. මෙම ලකුණු 20න් 13ක් ම ඩී. ආර්. සිල්වා විසින් වාර්තා කළාය. මෙලනි විජේසිංහ මෙම කාර්තුවේ දී විවේක ගන්වා තිබුණි. නේපාලය මෙම කාර්තුවේ දී උත්සාහයන් 10ක දී ලකුණු 5ක් පමණක් වාර්තා කිරීමට සමත් විය. (ශ්‍රී ලංකාව 136 – 07 නේපාලය) 

ඒ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය ලකුණු 136-07ක් ලෙස දැක්විය. තරගයේ දී මෙලනි විජේසිංහ ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ජුලි මස 3 වැනිදා තායිලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි. 

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<