හසරංග ප්‍රථම වතාවට බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට

8953

2017 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (BPL) ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (16) පැවති අතර ඊට ඉදිරිපත්ව තිබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 26 දෙනා අතුරින් ක්‍රීඩකයින් 11 දෙනෙක් කණ්ඩායම් 06ක් විසින් තෝරාගෙන ඇත.

ඒ සඳහා ඉදිරිපත්ව තිබූ විදේශීය ක්‍රීඩකයින් ‘A’ සිට ‘F’ දක්වා කාණ්ඩ 06කට කාණ්ඩගත කර තිබුණි. ‘A’ කාණ්ඩයේ ක්‍රීඩකයින් හට $70,000ක මුදලක් නියම කර තිබූ අතර ‘F’ කාණ්ඩයේ ක්‍රීඩකයින් සඳහා නියම කර තිබූ මුදල $10,000කි.

පසුගිය වසරේ පැවති තරගාවලියේ ශූරතාවය දිනාගත් ‘ඩකා ඩයිනමයිට්ස්’ කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර මෙවර ද එම කණ්ඩායමට ක්‍රීඩා කරන අතර මෙවර තරගාවලියේ දී වනිඳු හසරංග සිය පළමු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වනු ඇත.

තරග පාවාදීමක් හෙළි වේ; චාමරට දඬුවම්

2016/17 තරග වාරයේ දී පළමු පෙළ කණ්ඩායම් 2කට අදාළව මුදලට තරග පාවාදීමේ චෝදනාවන් විමර්ශනය කිරීමට පත් කරනු ලැබූ පරීක්ෂණ කමිටුව විසින් සිය තීරණය අද ප්‍රකාශයට පත්කරන ලදි.

“මම මෙතනට ආවේ අපි ක්‍රීඩකයෙක් තෝරගන්නේ ඇයි කියලා දැන ගන්න. ඒක මෙතන දී ගොඩක් තරගකාරීයි. මගේ අරමුණ කණ්ඩායම හොඳින් පවත්වගෙන යන්න.”

කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකාර ධූරය දරන මහේල ජයවර්ධන මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ ය.

නව නීති රීති වලට අනුව කණ්ඩායම්වලට තරගයක දී විදේශීය ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් කළ හැකි අතර එහි දී අවම වශයෙන් දේශීය ක්‍රීඩකයින් 07 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 02ක් බැගින් ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

තරගාවලිය නොවැම්බර් මස 02 වන දින ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 

තිසර පෙරේරා, කුසල් පෙරේරා (රාන්ග්පූර් රයිඩර්ස්), කුමාර් සංගක්කාර (ඩකා ඩයිනමයිට්ස්), ජීවන් මෙන්ඩිස්, ඩිල්ශාන් මුණවීර (චිතගොන්ග් වයිකින්ස්), ඇන්ජෙලෝ මැතිව්ස් (කොමීලියා වික්ටෝරියන්ස්), සීක්කුගේ ප්‍රසන්න, ෂෙහාන් ජයසූරිය (කුල්නා ටයිටන්ස්), දසුන් ශානක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා (සිල්හෙට් සික්සර්ස්)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට