102 වන කොළඹ ටෙනිස් ශූරතාව 26 දා

192
Colombo Tennis Championship Presser

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 102 වැනි වරට සංවිධානය කරන කොළඹ ටෙනිස් ශූරතාවලිය මේ මස 26 වැනිදා සිට ජුනි මස 11 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් මෙහෙයවනු ලබන දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය..

කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වයස අවුරුදු 12, 14, 16 සහ 18න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කාන්තා/පිරිමි කේවල, කාන්තා/පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවැත්වෙනු ඇත.

ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ මේ වන විට ලියාපදිංචි වී ඇති අතර ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව එම සංගමය සඳහන් කරයි.

මෙම ශූරතාවලියේ දී ප්‍රවීණ අංශයේ තරගකරුවන් සඳහා වයස 35, 45, 55 සහ 65න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගල තරග පැවැත්වෙන අතර රෝද පුටු අංශය සඳහා ද කේවල සහ යුගල තරග පැවැත්වේ.

කනිෂ්ඨ අංශයේ තරග සඳහා එක් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට උපරිම තරග ඉසව් 3කට සහභාගී විය හැකි බවත් ඉන් එක් ඉසව්වක් අනිවාර්යයෙන්ම යුගල ඉසව්වක් වන බවත් එම සංගමය පවසා සිටියේය.

මෙවර ශූරතාවලියේ ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කරනුයේ අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ සුදුසුකම් ලත් නිලධාරියෙකු වන ධාරක එල්ලාවල මහතා වන අතර ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ අංජන ද සිල්වා මහතා යි.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරන්නේ විෂන් කෙයාර් සමාගම වන අතර පෙරේරා සහ පුත්‍රයෝ සමාගමත්, රල්හුම් ට්‍රේඩිං පුද්ගලික සමාගමත් සෙසු අනුග්‍රාහකයින් ලෙස කටයුතු කරයි.

තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම මේ මස 19 වැනිදායින් අවසන් වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩගත කිරීම 22 වැනිදා ද, තරග සැලැස්ම සඳහා කුසපත් ඇදීම 23 වැනිදා ද ටෙනිස් සංගම් මූලස්ථානයේ දී පැවැත්වේ.

   තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට