17 වන වරට පැවැත්වෙන කොළඹ LSR මැරතන් තරගාවලිය ඔක්තෝබර් මස 08 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට (BMICH) නුදුරේ පිහිටි ලොන්ග්ඩන් පෙදෙසේ රථවාහන ආලෝක සංඥාව අසලින් ආරම්භ වීමට නියමිතයි.

සෑම පාසල් ක්‍රීඩා ක්‍රීඩකයෙකුටම රක්ෂණාවරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වය ඇතිව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙල පිළිබඳව…

මෙම මැරතන් තරගාවලිය ප්‍රථම වරට 1998 වසරේ දී පැවැත්වුණු අතර එම තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 28 දෙනෙක් හා දේශීය ක්‍රීඩකයින් 328 දෙනෙක් සහභාගී විය. වසරින් වසර තරගාවලිය සඳහා සහභාගී වන ධාවකයින්ගේ විශාල වැඩිවීමක් සිදු වූ අතර ඒ අනුව පසුගිය වසරේ පැවති තරගාවලිය සඳහා සහභාගී වූ සමස්ත ධාවකයින් සංඛ්‍යාව 7500කි. එයට විදේශීය රටවල් 44ක් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් 250ක් ද ඇතුළත් විය.

LSR මැරතන් තරගාවලිය ජාත්‍යන්තර මැරතන් තරග සහ දිගු දුර ධාවන ඉසව් සඳහා වන සංගමයේ (AIMS) සහ මලල ක්‍රීඩා සම්මේලනවල ජාත්‍යන්තර සංගමයේ (IAAF) පිළිගැනීමට ද ලක්වී ඇති අතර ඒ අනුව මැරතන් සහ දිගු දුර ධාවන ඉසව් සඳහා වන පාලන ආයතන මඟින් මෙම තරගාවලිය ලොව පුරා පැවැත්වෙන අනුමත කරන ලද තරගාවලි 110න් එකක් ලෙස පිළිගෙන ඇත.

තරගාවලිය සඳහා ධාවකයින් ලියාපදිංචි කර ගැනීම ඔක්තෝබර් මස 07 වන දින උදෑසන 9 සිට සවස 4 දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී සිදුවන අතර සහභාගී වන ධාවකයින්ගේ විවිධත්වය ඉහළ නැංවීම සඳහා මෙවර තරගාවලිය කාණ්ඩ 06ක් යටතේ පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව මෙවර වාර්තාගත 10,000ක පමණ ධාවකයින් ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වනු ඇතැයි සංවිධායකයින් අපේක්‍ෂා කෙරේ.

තරගාවලිය පැවැත්වෙන කාණ්ඩ

  • සම්පූර්ණ මැරතන් තරගය – වයස අවුරුදු 18 සහ ඉහළ – කාන්තා/පිරිමි
  • සම්පූර්ණ මැරතන් තරගය – වයස අවුරුදු 50 සහ ඉහළ – කාන්තා/පිරිමි (Veteran)
  • අර්ධ මැරතන් තරගය – වයස අවුරුදු 17 සහ ඉහළ – කාන්තා/පිරිමි
  • අර්ධ මැරතන් තරගය – වයස අවුරුදු 50 සහ ඉහළ – කාන්තා/පිරිමි (Veteran)
  • විනෝදාත්මක දිවීමේ ඉසව්ව – 10 km – වයස අවුරුදු 15 සහ ඉහළ – කාන්තා/පිරිමි (පාසල්/අනෙකුත්)
  • විනෝදාත්මක දිවීමේ ඉසව්ව – 5 km – වයස අවුරුදු 15 සහ ඉහළ – කාන්තා/පිරිමි (පාසැල්/අනෙකුත්)

සම්පූර්ණ මැරතන් තරගය – 42.195 km        අර්ධ මැරතන් තරගය – 21.097 km

පසුගිය වසර වල පැවති ධාවන මාර්ගයේ මෙවර වෙනසක් සිදු කිරීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර එම මාර්ගය පහත දක්වා ඇත.

තරගාවලිය නිදහස් චතුරශ්‍රයට නුදුරින් ආරම්භ වීමට නියමිත අතර ඉන් අනතුරුව කනත්ත මං සන්ධිය, සේනානායක මාවත, නෙළුම් පොකුණ පසුකරමින්, ශ්‍රාවස්ති මන්දිරය, ක්‍රීඩා අමාත්‍යංශය, බුලර්ස් පාර හරහා ජාවත්ත පාර, හරහා බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල වටා සහ දුන්ගල්පිටියෙන් අවසානය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට

ධාවන මාර්ගයේ සිතියම