ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට හොඳ සටනක්

66
SRI LANKA VS TURKMENISTAN

වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි වූ මූලික වටයේ තෙවැනි තරගය අද (10) ටර්ක්මෙනිස්තානය සමඟින් පැවැත්විය. 

එම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ටර්ක්මෙනිස්තානය සමත් වූයේ ගෝල 4-2ක් ලෙසිනි. තරගය කටාර් හි දෝහා හිදී පැවැත්විය. 

ශබීර් ශ්‍රී ලංකාවේ නම්බුව බේරා ගනී

2020 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාව සඳහා සුදුසුකම් ලැබීමේ…

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව B කාණ්ඩය නියෝජනය කරමින් සහභාගි වන අතර එයට කටාර්, යේමනය හා ටර්ක්මෙනිස්තානය අන්තර්ගත වේ. 

ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේ දී කටාර් හමුවේ ගෝල 5-1ක් ලෙස පරාජය වූ අතර පසුගිය 08 වැනිදා පැවති යේමන සමඟ තරගයේ දී ද ශ්‍රී ලංකාව ගෝල 3-0ක් ලෙස පරාජය විය. 

කටාර් හා යේමනය තරගාවලියේ දෙවන වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබාගෙන ඇති අතර ටර්ක්මෙනිස්තානය හා ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත්ව ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ආරම්භයේ පටන් ටර්ක්මෙනිස්ථාන කණ්ඩායමට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත්වූ අතර තරගයේ මුල් මිනිත්තු කීපය කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත විය. කෙසේවෙතත් තරගයේ 14 වන මිනිත්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හසික නවෝද හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කල අතර ටර්ක්මෙනිස්ථානය එහි වාසිය සමඟින් ගෝලයක් ලබාගැනීමට උත්සාහ කලද එය ව්‍යර්ථ විය.

තරගයේ 29 වන මිනිත්තුවේදී ටර්ක්මෙනිස්ථාන කණ්ඩායමට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කල අතර එහි වාසිය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. කෙසේවෙතත් තරගයේ 41 වන මිනිත්තුව තෙක්ම කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට නොහැකි වූ අතර 41 වන මිනිත්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සාජිඩ් විසින් තරගාවලියේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත්විය. ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ වාසිය තමන්ගේ දිශාවට හරවා ගත් අතර ටර්ක්මෙනිස්ථාන ආක්‍රමණයන් සාර්ථකව වැලැක්වීමට සමත්විය.

පළමු අර්ධයේ අඩුපාඩු නිසාවෙන් ජයග්‍රහණය යේමනයට

කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු…

තරගයේ වාසිය ශ්‍රී ලංකාව සතුවුවද තරගයේ පළමු අර්ධය නිමාවීමට පෙර අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් ක්‍රියා කිරීමත් සමඟින් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල විය. එම කාඩ්පත මොහොමඩ් කුර්සිත් හට හිමිවිය. පළමු අර්ධය නිමාවන තෙක් කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් ද්විත්වයම අසමත් විය. 

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 1 – 0 ටර්ක්මෙනිස්තානය 

ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් දෙවන අර්ධය ආරම්භ කළ ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. ටර්ක්මෙනිස්තාන ආක්‍රමණයන්ට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකාව තම ගෝලය ආරක්ෂා කරගනිමින් ක්‍රීඩා කළේය. 

නමුත් තරගයේ 63 වැනි මිනිත්තුවේ දී ටර්ක්මෙනිස්තානය ඔවුන්ගේ ආක්‍රමණයක් සාර්ථක කරගනිමින් ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. 

එම ගෝලය Chopanov Resul විසින් වාර්තා කලේය. එම ගෝලය වාර්තා වී මිනිත්තු කීපයක් යාමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හසික නවෝද හට රතු කාඩ්පතද නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කලහ. ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 9 දෙනෙකු දක්වා අඩුවිය.

ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ අඩුවක් සහිතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට ටර්ක්මෙනිස්තානය සමත් විය. වේගවත් ඉදිරිපෙළ ආක්‍රමණයක් සමඟින් තරගයේ දෙවන ගෝලය ද වාර්තා කිරීමට ටර්ක්මෙනිස්තානය සමත් විය. ඒ තරගයේ 67 වැනි මිනිත්තුවේ දී ය. ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ග්‍රහණය ගිලිහී ගියේය. 

මෙසීගේ ගෝල 3න් Barcelonaට ජය

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනයට පසුව මේ සති අන්තයේ දී ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය…

ශ්‍රී ලංකාව තවත් පීඩනයට ලක් කරමින් තම තුන්වැනි ගෝලය ද වාර්තා කිරීමට ටර්ක්මෙනිස්තානය සමත් වූයේ තරගයේ 78 වැනි මිනිත්තුවේ දී ය. ඒ සමඟින් ගෝල 3-1ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට ටර්ක්මෙනිස්තානය සමත් විය. ඒ තරගයේ 67 වන මිනිත්තුවේදී  Borjakov Aly විසිනි. ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ග්‍රහණය ගිලිහී ගියේය. 

නමුත් එම ගෝලයට තවත් ගෝලයකින් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එම ගෝලය වාර්තා වූයේ තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය වාර්තා කිරීමට Hydrow Shamammet සමත්විය. 

නමුත් එම ගෝලයට තවත් ගෝලයකින් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා වූයේ තරගයේ 79 වන මිනිත්තුවේදීය. එම ගෝලයද මොහොමඩ් සාජිඩ් විසින් වාර්තා කලේය. එම ගෝලයෙන් අනතුරුව ලකුණු පුවරුව දිස්වූයේ ගෝල 3 – 2 ක් ලෙස ටර්ක්මෙනිස්ථානයට පෙරමුණ හිමිකරදෙමිනි.

තරගයේ නියමිත මිනිත්තු 90ක කාලය අවසන් වීමට සුළු මොහොතකට පෙර තරගයේ සිව්වැනි ගෝලය ද වාර්තා කිරීමට ටර්ක්මෙනිස්තානය සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව ද සුන්කර දමමිනි. 

තරගයේ නියමිත මිනිත්තු 90ක කාලය අවසන් වීමට සුළු මොහොතකට පෙර තරගයේ සිව්වන ගෝලයද වාර්තා කිරීමට ටර්ක්මෙනිස්ථාන කණ්ඩායම සමත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවද සුන්කර දමමිනි.එම ගෝලය වාර්තා වූයේ  Myratberdiyev Rahman ගේ පහරිනි. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වූයේ ගෝල 4-2 ක් ලෙස ටර්ක්මෙනිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය හිමිකරදෙමිනි.

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 02 – 04 ටර්ක්මෙනිස්තානය

ගෝල වාර්තා කිරීම

ටර්ක්මෙනිස්ථානය : Chopanov Resul 63’, Borjakov Aly 67’, Hydrow Shamammet 78’, Myratberdiyev Rahman 89’

ශ්‍රී ලංකාව : Mohamed Sajid 42’ 80’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<