සුපිරි අට දෙනාගේ වටයේ යුධ හමුදාව තවමත් අපරාජිතව පෙරමුණේ

326

ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා පාපන්දු  සංගමය එක්ව සංවිධානය කරන ලද ඩයලොග් චැම්පියන් ලිග් පාපන්දු තරගාවලියට අයත්සුපිරි කණ්ඩායම්  අට සහභාගි වු තරග පසුගියදා සුගතදාස ක්‍රිඩාංගණයේදි පැවැත්විය.

සුපිරි අට වටයේ පස්වන සතියේ තරග අවසානයේ ලකුණු සටහනට අනුව යුධ හමුදා පාපන්දු කණ්ඩායම එහි පෙරමුණ ගෙන ඇති අතර ඔවුන්සහභාගි වු තරග පහෙන් තුනක් ජයගෙන ජය පරාජයෙන් තොර තරග 2ක් ද සමගින් ප්‍රසාද ලකුණු 14ක් ලබාගෙන ලකුණු සටහනේ ප්‍රමුඛතාවහිමි කරගෙන ඇත.

යුධ හමුදා පාපන්දු කණ්ඩායම සහ නාවික හමුදා පාපන්දු කණ්ඩායම තරග වැදුණු අතර ගෝල 4-1 ලෙස නැවියන් පරාජය කිරිමට යුධ හමුදාක්‍රීඩකයින් සමත් විය. යුධ හමුදාව වෙනුවෙන් එම්.එන්.එම් ඉසදීන්,සජිත කුමාර,නදීක පුෂ්පකුමාර සහ මදුෂාන් ද සිල්වා ගෝල වාර්තා කළ අතරනාවික හමුදාවට ලැබුණු එකම ගෝලය රැස් කිරිමට චෙරිස්ටන් ප්‍රනාන්දු සමත් විය.

ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය සහ බ්ලු ස්ටාර් පාපන්දු සමාජය අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ කණ්ඩායම් දෙකමගෝල ද්විත්වය බැගින් රැස් කිරිම හේතුවෙනි. පස්වන සතියේ පැවති තවත් තරගයකින් ජය ගැනිමට රිනවුන් පාපන්දු සමාජය සමත් විය. ඒ ගෝල2-1ලෙස අනපේක්ෂිත පරාජයක් කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයට හිමි කර දෙමිනි. කාගෙත් අවධානය යොමු වුයේ තරගය අතරතුර දෙපිළෙහිම ක්‍රීඩකයින් 6දෙනෙකු හට කහ කාඩ්පත් තරග විනිසුරුවරයා විසින් නිකුත් කිරිමයි. රිනවුන් පිළ වෙනුවෙන් එම්.සි.එම් රිෆ්නාස් ගෝල 2ක් රැස්කිරිමට සමත් විය.

ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම සහ ජාවාලෙන් පාපන්දු සමාජය අතර තරගයෙන් ගෝල 1-0 ලෙස ජයගන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත්විය.තරගයේ වාර්තා වු එකම ගෝලය රැස් කිරිමට ගුවන් හමුදා ක්‍රීඩක නිපුන බණ්ඩාර සමත් විය.
පස්වන සතිය නිමාවන විට ප්‍රසාද ලකුණු 13 ලබාගත් කොළඹ පාපන්දු සමාජය දෙවැනි ස්ථානයටත්, රිනවුන් පාපන්දු සමාජය තෙවැනිස්ථානයටත්, පිළිවෙළින් සිව්වන සහ පස්වන ස්ථාන නාවික හමුදා පාපන්දු කණ්ඩායමටත්, ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමටත් හිමිවිය. සහභාගි වුතරග පහම පරාජය වු ජාවාලෙන් පාපන්දු සමාජය ප්‍රසාද ලකුණු එකක් ලබාගෙන ලකුණු සටහනේ 8 ස්ථානයේ රැදි සිටියි.