ආසියානු යොවුන් රග්බි තරගාවලිය

355
Winning start for Sri Lanka U19 over Singapore
Photo Courtesy - Sri-Lanka U20 Rugby Team - 2015 page

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු යොවුන් රග්බි තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගි වු ප්‍රථම තරගය සිංගප්පූරුවේ යෝ චුන් ක්‍රිඩාංගණයේදි පැවැත්විය. එහිදි ලකුණු27-12 ලෙස පහසු ජයක් ලැබිමට ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයින් සමත් විය. ඔවුන් හමුවේ පරාජය වූයේ සත්කාරක    සිංගප්පූරු කණ්ඩායමයි.

ප්‍රවේගකාරි සටන් රටාවක් දියත් කරමින් තරගයට අවතිර්ණ වු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 10-05ක් ලෙස ඉදිරියෙන් සිටියේය. දෙවනඅර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් ලකුණු 12 සිය ලකුණු පුවරුව මත සටහන් කරද්දී ප්‍රබල සිංගප්පූරු කණ්ඩායමට හැකිවූයේ ලකුණු 07ක් ලබාගැනිමට පමණි. ශ්‍රී ලංකාවේ ලකුණු 27ට  ගෝල දිනුම් 02ක් උත්සහක දිනුම් 02ක් සහ එක් දඩුවම් පහරක් ඇතුලත්‍ විය. සිංගප්පූරුවට ගෝල දිනුම් එකක් සහ එක් උත්සහක දිනුමක්වාර්තා කිරිමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බුද්ධිම පියරත්න, රීසා රෆයිඩින්, මිතිල පෙරේරා සහ කෙවින් ඩික්සන් උත්සහක දිනුම් වාර්තා කිරිමට සමත් විය. ඉසුරු  කෝන්ගහවත්ත විසින්ප්‍රවර්ථන 02ක් සාර්ථක කරගත් අතර රීසා රෆයිඩින් එක් දඩුවම් පහරක් සාර්ථක කර ගන්නා ලදි.  මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේදෙවැනි ස්ථානයට පත් ව ඇත. ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේදි මිළග තරගය ශ්‍රී ලංකාව සමගින්  ප්‍රබල හොංකොං කණ්ඩායම තරග වදිනු ඇත.